නාමපද - 06

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Namapada - නාමපද - The Nouns.


පුද්ගලයෙක්, ජීවියෙක්, ස්ථානයක්, තත්ත්වයක් හෝ ක්‍රියාකාරකමක් (‘ක්‍රියාවක්’ නොවේ) හැඳින්වීමට යොදන ලද වචනයට/පදයට “නාමපදය” (Namapadaya = The Noun) කියා කියනු ලැබේ.
{Word used as name of a person, being, place, thing, quality or action is called Noun.}

සාමාන්‍යයෙන්, නාමපද කොටස් 5කට බෙදේ. 
{Generally, Nouns are divided into five classes.}

1. සාමාන්‍ය සංඥා නාම - Common Nouns.

එම අදාළනිශ්චිත කොටසේ, එක් දෙයක් / එක් සාමාජිකයෙකු හෝ සියලුම දේ / සියලුම සාමාජිකයන් හැඳින්වීමට පොදුවේ යොදන නාමපද.

{Denotes any or all members of a class.}

උදාහරණ : Home, The train, An egg, A rupee, Parrots, The window, Horses, A policeman, Frogs, Babies, An earthquake, Peacocks, Scissors, A telegram, The doctor, The river, The gardener, An ape …

2. සංඥා නාම - Proper Nouns.

එකක් තවකෙකින් වෙන්කොට, විශේෂකොට හැඳින්වීමට යොදන නාම පද.

{Denotes a particular thing or being.}

උදාහරණ : The North Pole, America, Vienna, Sri Lanka, The Himalayas, The Emperor Rawana, The Danube …

["Common Nouns vs. Proper Nouns

Common nouns are words used to refer to general people, places, or things, or more technically, a specific class or type of person, place, or thing. These are words like car, or city, or teacher. They are broad, general terms.

Proper nouns are names given to refer to specific common nouns. For instance, car becomes Honda, city becomes Tokyo, teacher becomes Ms. Wong. As we stated before, car, city, and teacher are all common nouns. It’s Honda, Tokyo, and Ms. Wong that are proper nouns."]

{[Common Nouns vs. Proper Nouns] = (Resource / Source) https://blog.udemy.com/examples-of-common-nouns/}

3. ද්‍රව්‍ය නාම - Material Nouns. 

යම්කිසි භෞතික ද්‍රව්‍යයක් හැඳින්වීමට යොදන නාම පද.

{Denotes a material thing.}

උදාහරණ : Butter, Cotton, Salt, Hay, Glue, Steel, Rubber, Paper, Chocolate, Money, Ice, Lead …

4. සමූහවාචී නාම - Collective Nouns.

ඒක වාචී ස්වරූපයෙන් යෙදෙන මුත්, එක්තරා නිශ්චිත කොටසක් / ගොඩක් / සමූහයක් හැඳින්වීමට යොදන නාම පද.

{Singular in form, But refers to a group of people/beings or things.}

උදාහරණ : The party, A flock, The regiment, Herd, A crowd, Parliament, The Navy …

5. භාව වාචී නාම (භාව වාචක.)* - Abstract Nouns.*

මනසේ උපන් එක්තරා හැඟීමක් / (මනෝ) භාවයක්; තත්වයක්/සංකල්පයක් හැඳින්වීමට යොදන නාම පද.

{Denotes a feeling/concept/condition or mode is born in the mind.}

උදාහරණ : Safety, Kindness, Childhood, Toothache, Evening, Patient, Perseverance …

*මෙම කොටස ඊළඟ පාඩමේ දී “වියුක්ත නාම” බවට හැරෙන අතර, ඉතිරි කොටසක් හතර ම “සංයුක්ත නාම” බවට හැරේ. පටලවා නොගන්න.*

පහත වාක්‍යවල ඇති නාමපද හඳුනාගෙන, ඒවා කුමන නාමපද කොටසට අයත්දැයි කියන්න.

{Point out the nouns in the following passages and say what kind each one is.}

1. Dirt, darkness and disease all begin with same letter.

2. She goes back home with the full pitcher on her head, the shining brass pot in her left hand, holding her child with her right.

3. If a scout meets another scout, even though a stranger to him, he must speak to him, and help him in any way that he can, either in carrying out the duty he is then doing, or by giving him some food or lodging or anything else he needs.

එක්තරා සුවිශේෂී පුද්ගලයෙකුගේ හෝ දෙයක ගතිගුණ තවත් පුද්ගලයෙකුට හෝ දෙයකට ආරෝපණය කොට දක්වන විට දී, බොහෝවිට සංඥා නාම, සර්ව නාම ලෙසින්යෙදේ (පහත උදාහරණ #3 හා සටහන 1 බලන්න). 

එමෙන් ම, යම් දෙයක් නිපදවූ හෝ සාදන ලද පුද්ගලයා ගේ නමින් ම, එම අදාළ දෙය නම් දරා/කර තිබෙන කල ද, එසේ සංඥා නාම, සර්ව නාම ලෙසින් යෙදේ (සටහන 2 බලන්න).

{Proper nouns may be used as common nouns, when they denote persons or things that are said to possess certain qualities attributed to a particular individual or thing. Also when they are the names of who have invented or made things that bear their names.}

(පහත උදාහරණ 3 මනස වෙහෙසා තෙරුම් ගන්න.)

# Kalidas (a well known poet) has been called the Shakespeare of India.

“ඉන්දියාවේ ‘ශේක්ෂ්පියර්’” කියා කියන ලද්දේ කාලිදාස්ට/කාලිදාසට ය. 
(කාලිදාස් = ඉන්දියාවේ විසූ සුප්‍රසිද්ධ කවියෙක්.)

# He is a napoleon of finance.

මිනිහා නං මුදල් පාලන කටයුතු වලදී නැපෝලියන්කෙනෙක්.
(නැපෝලියන් = ප්‍රංශය පාලනය කළ, ප්‍රංශ හමුදා මේජර් වරයෙක්.)

# Bombay, the Manchester of the east.

(ඔබ සොයන්න.)

සටහන 1 : එබැවින්, 

1. හොඳටම නපුරු ඕනෑම කෙනෙකුට Nero යනුවෙන්ද, 

2. ගොඩක්ම නුවණක්කාර ඕනෑම කෙනෙකුට Solomon යනුවෙන්ද, 

3. ගොඩක්ම අසාවෙන් බලන්න යන්න හිතෙන ඕනෑම තැනකට Mecca කියල ද කියනවා.

{Similarly a Nero means a very cruel person; a Solomon a very wise man; a Mecca a place one earnestly desires to visit.}

සටහන 2 : Ford/Morris/Austin එකක් කියන්නේ, කාර් (මෝටර්රථ) වර්ගයක්, ඒවා හදපු අයගේ නමින් ම නම්කරන ලද.

{A ford, an Austin, a Morris are cars named after their names.} 

සටහන 3 : Mackintosh එකක් කියන්නේ ඇතුළට වතුර යන්නේනැති කබායක්.

{A mackintosh is a waterproof coat.}

සංඥා නාම, සර්ව නාමලෙසින් යොදා හිස්තැන් පුරවන්න.

{Fill the following blanks with proper nouns used as common nouns.}

(i) Who is the …. of India?

(ii) That man is a ….; He never makes a mistake.

(iii) He is so strong that at school they call him a …

පහත නාමපද ඒකවචනයෙන් හෝ බහුවචනයෙන් ගෙන වාක්‍ය තනන්න. 

{Make sentences in which you use the following nouns, in the singular or the plural.}

Length. Sleep. Afternoon. Orange. Ton. Cotton. Clock. Chocolate. Petrol. The cinema.

Inch. Week. Silver. Signal. Basket. The Ganges.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll