ක්‍රියාපද වරනැඟීම - 60

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Kriyapada Waranangeema - ක්‍රියාපද වරනැඟීම - Inflexion of Verbs. 


ඒකවචන - බහු වචන භේදය හා කර්තෘ/කර්තෘහු යෙදෙන පුරුෂය අනුව, ක්‍රියා පද වරනඟණු ලැබේ (වරනැඟීම = ව්‍යාකර්නාණුකූලව පදයක මූලික ස්වරූපය වෙනස් කිරීම).

{Verbs are inflected (that is, they change their form) according to the number and person of the subject or subjects.}

(ක්‍රියාපද ද) ඒකවචන හා බහුවචන ලෙසින් බෙදීමකි.
{There are two numbers, singular and plural.}

පහත වාක්‍ය දෙස සුපරික්ෂාකාරීව බලන්න.
{Inspect the following sentences.}

He plays cricket.
We play tennis.
It costs three rupees.
They cost a rupee each.

He plays cricket - He = ඒකවචන, ප්‍රථම පුරුෂ කර්තෘ - plays = ඒකවචන ක්‍රියාව.

We play tennis - We = බහුවචන, උත්තම පුරුෂ කර්තෘ - play = බහුවචන ක්‍රියාව.

It costs three rupees - It = ඒකවචන, ප්‍රථම පුරුෂ කර්තෘ - costs = ඒකවචන ක්‍රියාව.

They cost a rupee each - They (ඒවා/ඒවාට | මෙතැනදී ‘ඔවුහු/ඔවුන්’ නොවේ) = බහුවචන, ප්‍රථම පුරුෂ කර්තෘ - cost = බහුවචන ක්‍රියාව.

ගෙදර වැඩ - Homework.

කිසියම් වාක්‍යයක් තුළ, ඒක වචන - බහු වචන භේදය හා කර්තෘ/කර්තෘහු යෙදෙන පුරුෂයට අනුව, ක්‍රියා පද වරනඟා ඇති සෑම විටකදී ම, ඒ පිළිබඳව විමසිලිමත්වෙන්න.

{Note wherever inflected verbs are used in sentences according to the number and person of the subject/subjects.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll