අසම්භාව්‍ය ක්‍රියා විධිය - 92

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Asambhawya Kriya Widhiya - අසම්භාව්‍ය ක්‍රියා (ක්‍රියා)විධිය - Conditional Mood.


[සැලකිය යුතුයි: "අසම්භාව්‍ය ක්‍රියා" යන්නට ම සමාන අරුතින් "අසම්භාවන ක්‍රියා" හෝ "අසම්භාවනීය ක්‍රියා" ලෙස ද යොදා ගන්නා අවස්ථා ඇති බැවින් 88 වන පාඩම හා පටලවා නොගන්න.
"අසම්භාව්‍ය ක්‍රියාවිධිය" = "අසම්භාවන ක්‍රියාවිධිය" = "අසම්භාවනීය ක්‍රියාවිධිය" = Conditional Mood.
"අසම්භාව්‍ය ක්‍රියාවිධිය" = Subjunctive Mood ද වේ = 88 වන පාඩම.
තවද, Conditional Mood යන්න Subjunctive Mood හි අන්තර්ගත කළ හැකි බැවින් ද මේ (Conditional Mood හා Subjunctive Mood) ක්‍රියාවිධි දෙකට ම "අසම්භාව්‍ය ක්‍රියාවිධිය" යන නම භාවිතා කළ හැක.]

සරලව ම කියන්නේ නම්, අසම්භාව්‍ය ක්‍රියා විධිය මඟින් ප්‍රකාශ කරන්නේ භව්‍යත්ත්වයකි.
[භව්‍යත්ත්වය = යම්කිසි තත්ත්ව(යක්) මත සිදුවන / සිදුවිය හැකි බව.]

{Simply, Conditional Mood expresses (a) condition(s).}

අසම්භාව්‍ය ක්‍රියා විධිය තුළ පහත සඳහන් ප්‍රධාන ලක්ෂණ දැකිය හැක.
{Following major characteristics can be seen in Conditional Mood.}

a. එක් වාක්‍යයක් ආරම්භ වන්නේ “If“ හෝ “When” හෝ “Unless” ආදී වාක්‍යාංශයක් ආධාරයෙනි.
b. සම්පූර්ණ අර්ථයක් ගෙන දීමට, අඩුම තරමින් වාක්‍ය දෙකක් වත් පෙනී සිටී.
c. එක් වාක්‍යයක් තවත් වාක්‍යයක් මත රඳා පවතී.

{a. One sentence begins with “If“ or “When” or “Unless” etc. clause.
b. At least two sentences present together to give a full meaning.
c. One sentence depends on another one.}

A few models – උදාහරණ කිහිපයක්.

If we don’t drink water, we feel thirsty.
අපි වතුර බිව්වෙ නැත්තං, අපිට තිබහ දැනෙනවා.

When we drink water, we don’t feel thirsty.
අපි වතුර බොන කොට / විට, අපිට තිබහ දැනෙන් නෑ.

Unless we drink water, we feel thirsty.
අපි වතුර බොනකන් ම, අපිට තිබහ දැනෙනවා.
[අපි වතුර බිව්වෙ නැත්තං, අපිට තිබහ දැනෙනවා.]

We feel thirsty, if we don’t drink water.
We don’t feel thirsty, when we drink water.
We feel thirsty, unless we drink water.

“අසම්භාව්‍ය ක්‍රියා වාක්‍ය” ලෙසින් හඳුන්වන, වාක්‍ය රටා කිහිපයක් මෙම (අසම්භාව්‍ය) ක්‍රියා විධිය මත ගොඩ නැගී ඇත.
{There are sentences patterns in this (Conditional) Mood call “Conditional Sentences (Conditionals)”.}

Homework - ගෙදරවැඩ.

ඕනෑම තැනකදී, අසම්භාව්‍ය ක්‍රියා විධිය යොදා ගන්නා සෑම විටකම, ඒ බව හඳුනා / තේරුම්කර / සටහන්කර / ලැයිස්තුගතකර ගන්න.
{Find/note/figure out Conditional Mood whenever/wherever it is used.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll