මිශ්‍රක්‍රියා - 98

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Mishra Kriya - මිශ්‍ර ක්‍රියා - Present Participles.


# ඉංග්‍රීසි මිශ්‍රක්‍රියා අවසන්වන්නේ ing වලිනි.
[සිංහල මිශ්‍රක්‍රියා සාමාන්‍යයෙන් අවසන්වන්නේ -මින් හා ද්විත්ව වීමෙන් ආදී වශයෙනි.
-මින් = කරමින්, කමින්, බොමින්, නටමින් ... 
ද්විත්ව වී = කර කර, කර කරා, කකා, බිබී, නට නටා ... ද්දී / ද්දි = කද්දී / කද්දි, බොද්දී, බොද්දි ...]

[ගමන් යන කොටස ව්‍යවහාරයේ දී එක්වෙන බව පෙනේ = doing - කරන ගමන්, going - යන ගමන්, coming - එන ගමං, drinking - බොන ගමං, ...]

{The Present Participle ends in -ing.}

# (නාම) පදයක් ඉදිරියෙන්, එම අදාළ (නාම) පදයට ගැළපෙන නාම විශේෂණයක් ලෙස මිශ්‍ර ක්‍රියා යොදා ගනු ලැබේ.
{The Present Participle is used as an adjective before the word it qualifies.}

He told me a touching story.
ඔහු/එයා මට හද කම්පා කරවන (හැඟීම් දනවන) කතාවක් කීවේ ය.
[ග්‍රාම්‍ය ව්‍යවහාරය = ඌ මට බොක්ක උණු වෙන ඉස්ටෝරියක් කිව්වා.]

Man is a thinking animal.
මිනිසා (මිනිස් වර්ගයා) යනු තාර්කික/බුධිමත් සත්ත්වයෙකි.
[ග්‍රාම්‍ය ව්‍යවහාරය = ‘මිනිහා’ කියන්නෙ මීටරේ තියන පොරක්/සතෙක්.]

You are really a walking dictionary.
ඔබ සැබැවින් ම කෙනෙකි ඇවිදින ශබ්දකෝෂයකි.
[a walking dictionary = බොහෝ වචන දන්නා / බොහෝ දැනුමැති කෙනෙක්]

# මිශ්‍ර ක්‍රියා, ක්‍රියා පදයක් අර්ථ දක්වමින් (ගුණවාචි පදයක් ලෙසින්) ද යෙදේ.
{It is also used as a predicative adjective.}

I caught him stealing.
මම ඔහුව/එයාව හොරකං කරකර ඉද්දී / හොරකං කරද්දී අල්ලගත්තා.
මං මිනිහව හොරකං කරමින් ඉද්දි / හොරකං කරද්දි අල්ලගත්තා.

She was seen playing with a green leaf.
ඇයව දැක්කේ කොළපාට කොළයක් එක්ක සෙල්ලම් කරකර ඉද්දී.

We found him sleeping and smiling in his sleep.
අපිට එයාව හමු වුණේ, එයා නිදමින්, නින්දෙන් හිනා වෙවී ඉද්දි.
(එයා නින්දෙන් හිනා වෙවී ඉද්දි තමා අපිට එයාව හම්බුණේ.)

# කාලය හැඟවීමට “බී = Be” (be, am, is, are, was, were) යන උපක්‍රියා පදය සමඟ මිශ්‍ර ක්‍රියා යොදා ගැනේ.
{To express time the present participle is used with the auxiliary verb (To) Be.}

වර්තමාන කාලය - Present Tense.

l am sending a telegram.
මං විදුලි-පුවතක් යවමින් / යව යවා ඉන්නෙ.

They are having their house white-washed. (Whitewash = Idiomatic too)
ඔවුන් ඔවුන්ගේ නිවස, (හොඳට) සුදු හුණු ගාව ගමින් ඉන්නවා.
(Whitewash = ‘සුදු හුණු ගානවා’ යන ව්‍යංගාර්ථයෙන් ද යෙදේ.)
[ව්‍යංගාර්ථය = (කෙළින් ම) ‘නොකියා කීම’ / ‘වහෙන් ඔරෝ’ භාෂාව (ඔහෙන් වරෝ)]

අතීත කාලය - Past Tense.

I was just thinking of writing you.
මං මේ හිත හිතා හිටියා විතරයි ඔයාට (ලිපියක්) ලියන එක ගැන.

We were having tea when she came.
එයා එනකොට, අපි තේ බිබී හිටියේ.

අනාගත කාලය - Future Tense.

I am going to Colombo tomorrow.
මං හෙට කොළඹ යන්ඩයි යන්නෙ.

We shall/will be seeing your brother in Anuradhapura.
අපි අනුරාධපුරයේ දී ඔයාගෙ සහෝදරයව හම්බෙලා (එයත් එක්ක) කල් ගතකරමින් ඉදිවී.

# ඇතැම් අකර්මක ක්‍රියා පද වල මිශ්‍ර කියා ද නාම පද ඉදිරියෙන් යොදා ගැනේ.
[සිංහල = (යම් ක්‍රියාවක්) කරන = “...න” = කන, බොන, නිදන, ජීවත් වෙන ...]
{Present Participles of some intransitive verbs are also used before nouns:}

Let sleeping dogs lie. (Proverb / Idiomatic)
නිදන / බුදියන බල්ලෝ එහෙම නිදියගෙන ම හිටපුවාවේ.
නිදන බල්ලන්ට උන්ගේ පාඩුවේ ම ඉන්ඩ දෙන්ඩ.
නිදාගෙන ඉන්න බල්ලො ඇහැරවන්ඩ එපා - (මෙය පිරුළකි / ව්‍යංගාර්ථයෙන් ද යෙදේ).

Such a thing has never happened in the memory of living man.
එවැනි දෙයක් කසි කලෙකවත්, ජීවත්ව සිටින මිනිසෙකුගේ මතකයේ හමු නොවේ.
එවැන්නක් කිකලකවත්, කිසිවකුගේ මතකය තුළ සොයාගත නො හැක.
[කවදාවත් එවැනි දෙයක් නම්, ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගේ මතකයේ රැදී නැත.]

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll