නිර්පුද්ගල සර්වනාමය - 41

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Nirpudgala Sarwanamaya - නිර්පුද්ගල (පුද්ගලයන් හා සම්බන්ධ නොවන) සර්වනාමය - Impersonal Pronoun.


(පුද්ගලයන් හා සම්බන්ධ නොවන) “It” යන සර්ව නාමය යොදා ගන්නා ආකාරය.
{The Impersonal Pronoun “It” is used in the following way.}

1. අජීවී/අප්‍රාණ වාචී දෙයක් හැඟවීමට.
{To denote something without life.}

*This bolt has got stuck. It won't open.
මේ අඟුල හිරවෙලා. ඒක ඇරෙන්නැතිවෙයි.
(මේ මඟුල/මඟුල් අඟුල/මඟුලේ අඟුල හිරවෙලා. ඒක ඇරෙන්නැතිවෙයි.)

[ඉංග්‍රීසි “It” යන්න සිංහලෙන් ඒක, ඌ, ඌට, ඒකා ආදී අරුත් ගනී. ඉහත *උදාහරණය හොඳින් අධ්‍යනය කොට, පහත උදාහරණ 2 හා ගලපා, තේරුම් ගන්න.]

# The weather is unusually fine, and it is likely to continue.

# That road was made five years ago. It winds in many bends up the mountain.

2. තිරිසන් සතුන් ඇඟවීමට; විශේෂයෙන්ම කුඩා සතුන් හා කෘමි සතුන් ඇඟවීමට.
{To denote animals; especially lower ones and insects.}

# Do you see that fly on the sugar? What is it doing?
[අර සීනි උඩ වහල ඉන්න මැස්සා පේනවද ඔයාට? ඒකා මොකද කරකර ඉන්නේ?]

# The Jackal is a cowardly creature; it slinks out of your way.
[නරියා බයාදු සතෙක්; කවුරු හරි දැක්කොත් එහෙම හොරෙන්ම මාරුවෙනවා.]

# That crow is making a horrible noise. Just pelt it and it will fly off.
[අර කාක්කා මහ මූසල හඬකින් කෑගහනව; නිකමට බොරුවට ඌට මානන්ඩකො, එතකොට ඉගිල්ලිලා යයි.]

3. It යන පදය ළමයෙක් හැඳින්වීමට සමහර අවස්ථාවන්හිදී යෙදේ; විශේෂයෙන්ම ඒ අදාළ ළමයා, පිරිමි ළමයෙක් ද ගෑනු ළමයෙක් ද කියල අපි හරියටම දන්නේ නැති කොට.

{It is sometimes used for a child; especially we don’t know whether it is a boy or a girl.}

# That child is very peevish; it hardly ever stops crying.
[අර ළමයා පොඩ්ඩ(ක්) ඇත්තන් ඇවිස්සෙනවා; ඒ ළමයා නිතරම අඬාගත්ත ගමන්මයි ඉන්නේ.]
(ඉහත උදාහරණය හොඳින් අධ්‍යනය කොට, පහත උදාහරණ 2 හා ගලපා, තේරුම් ගන්න.)

# Have you seen the Prasad’s baby? It’s a very pretty child.

# Do you hear a weeping of a kid? Who’s it?

4. It යන පදය, අප විසින් කලින් කතා කරන ලද හෝ සිතන ලද, දෙයක් ගැන හෝ කෙනෙක් ගැන අදහස් කිරීමේදී බොහෝවිට යෙදේ.

{It often has the meaning of the person or the thing talked of or thought of.}

# Who is it knocking at the door? (It is the baker.)
කවුද දොරට තට්ටුකරන්නේ? (ඒ පාන් කාරයා වත්ද.)
(ඉහත උදාහරණය හොඳින් අධ්‍යනය කොට, පහත උදාහරණය හා ගලපා, තේරුම් ගන්න.)

# Well, what is it you want? Or Well, what is it?

# Who’s that taking? It was me. Don’t say It was me, but It was I.
[කවුද ඒ කතා කරකර ඉන්නේ? ඒ මට යි. ඒ මට යි කියලා කියන්ඩ එපා, එහෙම කියන එක වැරදි යි. ඒ මම යි කියල කියන්ඩ, එතකොට තමා හරියටම හරි.]

5. අනියත (නිශ්චිත කර්තෘ කෙනෙක් නොමැති) ආකාරයෙන්, (වාක්‍යක් / වාක්‍යාංශයක්) පටන් ගන්නා ආරම්භක කොටස ලෙසින්.

{In an indefinite way, as an introductory particle.}

# It never rains but it pours.
[කරදර එනකොට එන්නේ එක දිගට / කරදර එනකොට එන්නෙ එක පෙළට / කරදර එනකොට එන්නෙ වැල නොකැඩී / කරදර එනකොට එන්නෙ පොදි බැඳගෙන.]

# It’s going to be a fine day, I do believe.
[මම දැඩිලෙස විශ්වාස කරනවා, එදා/අද දවස කදිම දවසක් වෙයි කියල.]

# It’s a good thing you are coming too.
[ඔයත් එන එක හොඳ දෙයක් / ඔයා එන එකත් හොඳ දෙයක් / ඔයත් එන එක හොඳයි / ඔයා එන එකත් හොඳයි.] 

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll