"මෙයි" යන ක්‍රියා පදය වරනැඟීම - වර්තමාන කාලය - 147

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

May Yana Kriyapadaya Waranangeema - මෙයි යන ක්‍රියාපදය වරනැඟීම - Conjugation of the Verb May. 


වර්තමාන කාලය - Present Tense.

Present Tense.
වර්තමාන කාලය.
Singular.
ඒකවචන.
Plural.
බහුවචන.
I may.
We may.
You may.
You may.
Thou mayst.
Ye may.
He, She or It may.
They may.

[May = මෙයි / මේ / මෙ.]

සටහන: මෙහි දී අපි ඉගෙන ගත යුත්තේ, ඕනෑම කර්තෘ කෙනෙකු සමඟ මේ (May) වර්තමාන කාලය හැඟවීමට ඒකවචන බහුවචන භේදයක් නොමැතිව ම යොදා ගන්නා බව හා ඉන් [මේ (May) යන්නෙන්], බොහෝ විට; සමහර විට; ඇතැම් විට; බාග වෙලාවට; ඉඩ තියෙනවා; ... වැනි අර්ථ අදහස් කෙරෙන බවයි.

එහි දී මේ (May) ක්‍රියා පදයක මූලික ස්වරූපය සමඟ ම යෙදෙන අතර, එවිට මේ (May) ක්‍රියා කරනුයේ ප්‍රධාන ක්‍රියාපදයක් ලෙස නොව, අප්‍රධාන (උපක්‍රියා) ක්‍රියා පදයක් ලෙස යි; වර්තමාන භාවිතයේ දී මෙම වාක්‍ය සැකැස්ම පමණක් දක්නා ලැබේ.
උදා: He may come - ඔහු එන්න ඉඩ තියනවා.

තවද, මෛට් (Might) සහ මේ (May) විටෙක සමාන අර්ථයෙන් ම ද, තවත් විටෙක මෛට් (Might) මේ (May) වලට වඩා අඩු ස්ථිර බවක් ප්‍රකාශ කිරීමට ද යොදා ගනී.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll