දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - ටූ බී - ක්‍රියා නාමය - 126

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Varanangeema -Too Bee – Kriya Namaya – දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - ටූ බී - ක්‍රියා නාමය – Conjugation of the Verb - To Be – Gerund. 


ක්‍රියා නාමය = Being.

Being = ඉන්න එක, වී ඉන්න එක, වී සිටින එක, වී ඉඳින එක, වී හිඳින එක.
(වෙලා ඉන්න එක = වෙන එක, වෙලා සිටින එක = සිටින එක, ... = ඉඳින එක, ... = හිඳින එක.)
වෙලා ඉඳීම = වී ඉඳීම, ... = වී සිටීම, ... = වී හිඳීම. 
(ඉඳීම, වීම, සීටීම, හිඳීම.)

උදාහරණ - E.g.
Being a teacher can be stressful.
ගුරුවරයෙක් වීම පීඩාව ඇති කරන්නක් විය හැක.
ගුරුවරයෙක් වී ඉන්න එක පීඩාව ඇති කරවන්නක් විය හැක.

Being a teacher is the most rewarding job.
ගුරුවරයෙක් වීම තමයි තෘප්තිමත් ම රැකියාව.
ගුරුවරයෙක් වී සිටීම තමයි තෘප්තිමත් ම රැකියාව.

Being a teacher is almost always a learning curve too.
ගුරුවරයෙක් වෙලා එන්න එක සෑම විට ම පාහේ (ඉගැන්වීම් ක්‍රියාවලියට අමතරව) ඉගෙනුම් ක්‍රියාවලියක් ද වෙයි.
ගුරුවරයෙක් වෙන එක සෑම විට ම පාහේ (ඉගැන්වීම් මිනුම් දර්ශකයට අමතරව) ඉගෙනුම් මිනුම් දර්ශකයක් ද වේ.

[Learning Curve = “The rate at which you learn a new subject or a new skill; the process of learning from the mistakes you make”]

ගෙදරවැඩ - Homework.
ඕනෑම තැනකදී, ඉහත පරිදි, “ටූ බී” (මූල) ක්‍රියාපදය - විධික්‍රියා ක්‍රියාවිධිය තුළ යොදා ගන්නා / වරනගනා සෑම විටකදී ම, ඒ බව මැනවින් හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තු ගතකර ගන්න.
{Find/note/figure out/list/observe carefully, whenever/wherever The verb To BE is conjugated in above.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll