ස්වාමිවාචී සර්වනාම - 50

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Swamiwachee Sarwanama - ස්වාමිවාචී සර්වනාම - Possessive Pronouns.


Mine, ours, thine, yours, his, hers, its සහ theirs යන මේවා “අයිතිය හෙවත් ස්වාමීත්වය හඟවන, සර්වනාම පද” [ස්වාමිවාචී සර්වනාම = ස්වාමිවාචක (සර්වනාම)] වේ. ඒවා යෙදෙන අවස්ථා ... ↓

{Mine, ours, thine, yours, his, hers, its and theirs are Possessive Pronouns. They are used on various occasions.}

# ස්වාමිවාචක සර්වනාමය කුමන නාම පදයකට අයිති දැයි, හොඳින් පැහැදිළිව ම තේරුම් යන විට.
{When the noun to which the Possessive Pronoun belongs is understood.}

> My hobby is collecting stamps; what’s yours?
[මගෙ විනෝදාංශය මුද්දර එකතු කරන එක, ඔයාගේ?]
(ඔයාගේ = ඔයාගේ විනෝදාංශය මොකක්ද?)

> I don’t know what his name is; but hers is Pawani / Pavani .
[මං දන්නැ එයාගේ/ඔහුගේ නම මොකක්ද කියල නං, හැබැයි මෙයාගේ/ඇ(ය)ගේ/මැයගේ නං පවනි.]
(ඇගේ = ඇගේ නම.)

> I found your hat; not mine though.
[මං ඔයාගෙ තොප්පිය නං හොයාගත්තා. එත් මගෙ එක තමා හොයාගන්ඩ බැරි උණේ.]
(මගෙ එක = මගෙ තොප්පිය.)

> The red stick is yours; the black one, mine.
[රතු පාට යෂ්ටිය ඔයාගෙ එක. කළු පාට එක, මගේ එක.]
(මගේ එක = මගේ යෂ්ටිය.)

> His is that, mine is this.
[අරක එයාගේ, මේක මගෙ.] හෝ [අරක එයාගේ එක, මේක මගෙ එක.]
(එයාගේ/එයාගේ එක; මගෙ/මගෙ එක = දන්නා දෙයක්/දන්නා නාම පදක්.)

> Which is ours and which is theirs?
[කෝකද අපේ, එතකොට කෝකද එයාලගේ.] හෝ [කෝකද අපේ එක, එතකොට කෝකද එයාලගෙ එක.]
(අපේ/අපේ එක; එයාලගේ/එයාලගෙ එක = දන්නා දෙයක්/දන්නා නාම පදක්.)

පහත සඳහන් ලෙසින් (of යන අව්‍ය පදය සමඟ) යොදා ගන්නා අවස්ථා ද ඇත.
{Also, Note the following idiomatic uses.}

ü This coat of mine needs several buttons.
[මගෙ මේ කබායට බොත්තන් වගයක් ඕනෑ.]

ü These letters of yours I shall always keep.
[ඔයාගෙ මේ ලියුම් මම හැම වෙලේම ළඟ තියාන ඉන්නවාමයි.]

ü That boy of hers is growing fast.
[ඇගේ අර ළමයා ඉක්මනින් ම හැදෙනවා/වැඩෙනවා.] ...

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll