ප්‍රභේදාත්මක නාමවිශේෂණ - 29

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Prabhedathmaka Namawisheshana - ප්‍රභේදාත්මක නාමවිශේෂණ - Distributive Adjectives. 


පෙළක් නාම විශේෂණ පදවලට “ප්‍රභේද වාචක නාම විශේෂණ” කියා කියන්නේ, ඒවා මඟින් ප්‍රමාණාත්මකභාවය තනි තනිව වෙන්ව ගන්නා නිසාවෙනි. ප්‍රභේද වාචක නාමවිශේෂණ වන්නේ each, every, either සහ either යන පදයේ නිශේදනාර්ථය වන neither යන පදයි.

{Certain adjectives, sometimes called Distributive Adjectives, denote quantity taken individually. They are each, every, and either, with its negative neither.}

සමහර අවස්ථාවන්හිදී, අවධාරනයකොට දැක්වීම සඳහා, each සහ every යන පද දෙක එක්ව යෙදේ, නමුත් එම පද දෙකින් එකක් පමණක් ප්‍රමාණවත් විටදී, එසේ එක්ව යෙදීම අනවශ්‍යය.

{Sometimes, for emphasis, each and every are used together, but this expression should not be used where only one of these words sufficient.}

Each සහ Every යන පද දෙකම, ඒක වචන ක්‍රියා පද ම ගන්නා බව මතක තබාගන්න.
{Note that Each and Every take singular verbs.}

(පහත උදාහරණ දෙක දෙස හොඳින් බලන්න.)

1.      Each one of you has (have නොවේ) to be ready by half past six.

2.      Every boy or girl swims twice a week.

Note: "Use a SINGULAR verb when two or more subjects connected by AND are preceded by EACH, EVERY, or MANY A." — Source: The Gregg Reference Manual.

EVERY man AND woman IS born into the world to do something unique and something distinctive and if he or she does not do it, it will never be done.” — Benjamin E. Mays.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll