සම්බන්ධක ලෙසින් කෘදන්ත - 102

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Sambandhaka Lesin Krudantha - සම්බන්ධක ලෙසින් කෘදන්ත - Participles as Combiners.


කෘදන්තය (කෘදන්ත) යනු, ව්‍යවහාරයේ දී (කතා බහේ දී) වාක්‍ය ඒකාබද්ධ කිරීමට යොදාගන්නා වැදගත් කොටසකි.
{The Participle is a useful part of speech in combining sentences.}

(මිශ්‍ර ක්‍රියාමය කෘදන්ත) උදාහරණ - Examples:

විසංයුක්ත: ඔහු/එයා/මිනිහ වෙලක ඇවිදිනවා. මිනිහ දිග සර්පයෙක් දකිනවා.
Separate: He walks across a rice-field. He sees a long snake.
සංයුක්ත: වෙලක ඇවිදින ඔහු/එයා/මිනිහ, දිග සර්පයෙක් දකිනවා.
[වෙලක ඇවිදිද්දි ඔහු/එයා/මිනිහ, දිග සර්පයෙක් දකිනවා.]
Combined: Walking across a rice-field, he sees a long snake.

විසංයුක්ත: ඔහු/එයා/මිනිහ වෙලක ඇවිද්දා. මිනිහ දිග සර්පයෙක් දැක්කා.
Separate: He walked across a rice-field. He saw a long snake.
සංයුක්ත: වෙලක ඇවිද්ද ඔහු/එයා/මිනිහ, දිග සර්පයෙක් දැක්කා.
[වෙලක ඇවිදිද්දී ඔහු/එයා/මිනිහ, දිග සර්පයෙක් දැක්කා.]
Combined: Walking across a rice-field, he saw a long snake.

විසංයුක්ත: එයා එයාගෙ රෑ කෑම අවසන්කොට තිබුණා. ඔහු පියානෝව ගැසීමට (වැයීමට ඒ ඉදිරිපස) වාඩි වුණා.
Separate: He had finished his dinner. He sat down to the piano.
සංයුක්ත: රෑ කෑම අවසන්කොට, ඔහු පියානෝව ගැසීමට (වැයීමට ඒ ඉදිරිපස) වාඩි වුණා.
Combined: Having finished his dinner, he sat down to the piano.

[පටන් ගත් තවත් ක්‍රියාවකට පෙර, දැනටමත් සිදු වී තිබුණු ක්‍රියාවක් දැක්වීමට Having + අතීත කෘදන්තය යොදා ගනී.
Having + Past Participle = “to mention an action which had already happened before another action began”.]

(ඉහත) මේ  ආකාරයෙන් වාක්‍ය ඒකාබද්ධ කරන විට, එක් එක් සෑම වාක්‍යයක ම කර්තෘ වෙනස් නොවිය යුතු ම ය.
{When sentences are combined in this way, the Subject must be the same in each of the combined sentences.}

පහත වාක්‍ය සම්බන්ධක ලෙසින් කෘදන්තයන්ගේ සදොස් (වැරදි) භාවිතය පෙන්වයි.
The following sentences show the wrong use of participles as combiners.

1. (කුළු පාත්තයෝ රෑනක්) මගෙ කුඩා ලියන මේසයයේ ඉඳගෙන ඉද්දී, කුළු පාත්තයෝ රෑනක් අහසෙහි මතුවිය.
Sitting at my desk, a flock of wild geese appeared in the sky.

2. (මම) [මම = ගුරුවරයා] පන්තියේ දක්ෂ ම ශිෂ්‍යා වීමෙන් (වීම නිසා), මම [මම = ගුරුවරයා] ඔහුට වැඩි ම ලකුණු ලබා දුණි.
Being the best student in the class, I gave him the height marks.

ඉහත වාක්‍ය දෙක ම වැරදිය, මන්ද යත් කෘදන්තයන් (මිශ්‍රක්‍රියා) කර්තෘ ඉලක්ක නොකරන බැවිණි. ඒවා කියවීමෙන්, අපිට ඇසීමට සිදුවනවා: 1. කුළු පාත්තයෝ රෑනක් ඔහුගේ කුඩා ලියන මේසයේ වාඩි කරවන්නේ කෙසේ ද! 2. ගුරුවරයා හට වැඩි ම ලකුණු ලබා දෙන්නේ ඇයි? කියා.
{They are wrong, because the participles do not refer to the Subject. Reading them, we have to ask: How could a flock of geese be seated at his desk! Why should the teacher be given the highest marks?}

එම වාක්‍ය දෙක හරියට ලිව්වා/ලියනවා නම්:
{The sentences could be written:}

1. මම මගෙ කුඩා ලියන මේසයයේ ඉඳගෙන ඉද්දී, කුළු පාත්තයෝ රෑනක් අහසෙහි මතුවූවා මම දුටිමි/දුටුවෙමි.
Sitting at my desk, I saw a flock of wild geese appeared in the sky.

2. ඔහු පන්තියේ දක්ෂ ම ශිෂ්‍යා වීමෙන් (වීම නිසා), මා විසින් ඔහුට වැඩි ම ලකුණු ලබා දුණි.
Being the best student in the class, he was given by me the highest marks.

මතු දැක්වෙන (පහත) වාක්‍ය තුළ ඇති කෘදන්ත පෙන්නා දෙන්න, ඒවා අතීත කෘදන්ත දැයි හෝ එසේත් නැත්නම් මිශ්‍ර ක්‍රියා දැයි කරුණු සහිතව පෙන්වා දෙන්න.
{Point out the participles in the following sentences, and state whether they are Past or Present.}

එමෙන් ම ක්‍රියානාම ද ඇත්නම් පෙන්වා දෙන්න.
{Also point out any Gerunds.}

1. The enemy was advancing rapidly.
2. By this time, we had left the station.
3. He opened his eyes, and found himself sitting at the table in his working clothes.
4. This coat has not been worn much.
5. A girl came singing along the road.
6. Their numbers were small compared with those in front of him.
7. When were these plants bought?
8. I stood waiting whilst she was arranging the furniture.
9. You have made quite a good beginning.
10. I want these dirty boots removed at once.
11. I can’t understand a king doing that kind of work.
12. Don’t leave your books lying about.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll