සර්වනාම - 38

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Sarwanama - සර්වනාම - Pronouns. 


සර්වනාම යනු නාම පද වෙනුවට යොදන වචන වේ. (“සර්වනාම” යන වචනයේ තේරුම නම් “නාමයක් වෙනුවෙන්/සඳහා යොදන” යන්නයි.)
සර්වනාමයන්හි ප්‍රධානතම ප්‍රයෝජනය නම්, නාමයක් නැවත නැවත යෙදීමෙන් වළක්වාලීමයි.

{Pronouns are words which are used instead of nouns. (The word pronoun means — for a noun.) The chief use of pronouns is to save us from having to repeat nouns.}

පහත වාක්‍ය දෙය බලන්න.
{Look at the following sentence.}

චන්දන, චන්දනගේ අම්මගෙන් ලත් ලිපියක්, චන්දනගේ සහෝදරියට තැපැල්කිරීම සඳහා තැපැල් කන්තෝරුවට යමින් සිටියදී, චන්දන ඉදිරියට බයිසිකලයක ආ මිනිහෙක්, චන්දනව හැප්පුවාම තමයි.

{Chandana was going to the post office to post a letter from Chandana’s mother to Chandana’s sister when Chandana met a man on a bicycle who nearly ran into Chandana.}

ඉහත වාක්‍යයෙහි චන්දන යන නමෙහි පුනරුච්චාරණයෙන් (නැවත නැවත කීමෙන්) වැළකීමට, ඒ සඳහා පහත පරිදි වෙනත් වචන යෙදිය හැක.
{In above sentence the repetition of the name Chandana can be avoided if we use other words as follows.}

චන්දන, ඔහුගේ අම්මගෙන් ලත් ලිපියක්, ඔහුගේ සහෝදරියට තැපැල්කිරීම සඳහා තැපැල් කන්තෝරුවට යමින් සිටියදී, ඔහු ඉදිරියට බයිසිකලයක ආ මිනිහෙක්, ඔහුව හැප්පුවාම තමයි.

{Chandana was going to the post office to post a letter from his mother to his sister when he met a man on a bicycle who nearly ran into him.}

මෙහි (ඉහත වාක්‍යයෙහි) ඔහුගේ, ඔහු, ඔහුව (සහ ඔහුට) යන පද සර්වනාම වේ.
ඔහු යන නාමය යොදා ඇත්තේ ප්‍රථමා විභක්තිය වෙනුවෙනි.  ඔහුගේ යන්න යොදා ඇත්තේ සම්බන්ධ විභක්තිය සඳහාය.
ඔහුව යන්න යොදා ඇත්තේ කර්ම විභක්තිය සඳහාය.

{Here he, his and him are pronouns. He is used for the noun in the nominative case; his is used for the possessive case, and him is used for the noun in the objective case.} 

ඔහුගේ අම්මා ... ආදී ලෙසින් සර්වනාම සමඟ යෙදෙන නාමපද, ව්‍යාකර්ණානුකූලවැ නාම විශේෂණ ම බව මතකතබාගන්න. එබැවින් ඒවාට සමහරවිටකදී සර්වනාමීය නාමවිශේෂණ යැයි කියනු ලැබේ.
{Note that pronouns used with nouns, as his mother, are grammatically adjectives. They are sometimes called Pronominal Adjectives.}

මතු සඳහන්වන පරිදි සර්වනාම වර්ගීකරණයකි : -  පුද්ගලීය, ස්වකර්මවාචක, අවධාරණීය, නිදර්ශක, සම්භන්දවාචක, ප්‍රශ්නවාචක, අනියත, ප්‍රභේදවාචක සහ ප්‍රතිවර්තීය සර්වනාම ලෙසිනි.
{There are the following kinds of Pronouns: - Personal, Reflexive, Emphatic, Demonstrative, Relative, Interrogative, Indefinite, Distributive and Reciprocal.}  

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll