නාම විශේෂණ - අනියත සංසන්දනය - 36

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Aniyatha Sansandanaya - අනියත සංසන්දනය - Irregular Comparison.

 
පහත සඳහන්වන නාම විශේෂණ පද අනියතව සංසංදනය කරනු ලැබේ.
 
{The following adjectives are compared irregularly.}
 

Positive.

Comparative.

Superlative.

Good (හොඳ ) ...

Better (වඩා හොඳ )

Best (හොඳම) ...

Bad (or ill)

Worse

Worst

Late

Later

Latest or Last

Old

Older or Elder

Oldest

Many

More

Most

Much

More

Most

Little

Less (or lesser)

Least

(Nigh) Near

Nearer

Nearest or Next

Up

Upper

Uppermost

Out

Outer or Utter

Outermost or Uttermost

Far

Farther

Farthest

Fore (or forth)

Further

Furthest

Fore

Former

Foremost (or first)

Hind

Hinder

Hindmost / Hindermost

In

Inner

Innermost

 
සටහන: “ill” යන්නෙහි තේරුම “අසනීප” යන්නයි.
{Note: Ill means in bad health.}
 
Elder සහ eldest යන පද දෙකින් සඳහන්කරනුයේ, පවුලක හෝ කණ්ඩායමක සාමාජිකයන්ය.
{Elder and eldest refer to members of family or group. (My elder brother; The eldest of the lot.)}
 
Many (ගණනය කල හැකි නාමයන් සමඟ පමණි) යන පදයෙන් යම් ගණනක් (සංඛ්‍යාවක්) අඟවයි.
{Many (only with countable nouns) denotes number.}
 
Much (ගණනය කල නොහැකි නාමයන් සමඟ පමණි) යන පදයෙන් අඟවන්නේ යම්කිසි ගුණයකි.
{Much (only with uncountable nouns) denotes quality.}
 
Lesser යන පදය යොදනුයේ පාපී දේවල් දෙකකින් එක් දෙයක් ප්‍රකාශ කිරීමේදී පමණි.
{Lesser is only used in the expression the lesser of the two evils.}
 
Utter යන පදය සාමාන්‍යයෙන් අතිශයාර්ථ වාචකාර්ථයම ගනී.
[He is an utter strange to me - මිනිහ මට නං ‘හොඳට ම’ අමුත්තෙක්.]
 
{Utter generally caries a superlative meaning. [He is an utter strange to me.]}
 
Farther යන පදයෙන් අඟවන්නේ දුර යි.
{Farther denotes distance.}
 
 Further යන පදයෙන් ඇඟවෙන්නේ එකතු/එක් කිරීම යි.
{further denotes addition.}
 
up, out සහ in යන පද සාමාන්‍යයෙන් ක්‍රියා විශේෂණ හෝ නිපාත ය, එහෙත් The up train, the outfield, the inpatient … ආදී ලෙසින් අපි ව්‍යවහාර කරමු.
 
{Up, out and in generally adverbs or prepositions, but we say The up train, the outfield, the inpatient …}
 
ද්විත්ත්ව සංසන්දනාත්මකවාචකයන් සහ ද්විත්ත්ව අතිශයර්ථවාචකයන් නොයෙදේ.
{Double comparative and superlatives are not to be used.}
 
නමුදු, අවධාරණය කිරීමට, ශේක්ෂ්පියර් මෙසේ ලිව්වේ ය - The most unkindest cut of all.
{Shakespeare, for emphasis, wrote: The most unkindest cut of all.}
 
කුඩා දරුවෙකු හැර අන් කිසිවෙක් මෙසේ නොකිය (යුතු) යි -  more less හෝ most least.
{None but a child would say more less or most least.}
 
සංසන්දනාත්මකවාචකයට පසුව than යන පදය යෙදේ.
{Comparatives are followed by than.}
 
He is six months older than I. (He is six months older than me ආදී ලෙසින් නොවේ.)
Our parents are much more experienced than we children. (... than us ... නොවේ.)
 
(Note – It is better not to say than me or than us, although than in common speech is generally taken as a preposition to be followed by the objective case. So we do hear such expressions as: He is older than me.)
 
ඉංග්‍රීසි භාෂාව තුළ යෙදෙන ලතින් සංසන්දනාත්මකවාචක කිහිපයක් ඇති අතර ඒවාට පසුව යෙදෙනුයේ Than වෙනුවට To ය.
(පහත උදාහරණ බලන්න.)
 
{There are a few Latin comparatives used in English which take to instead of than. The chief ones are:  Inferior, superior, junior, senior, anterior, ulterior, and prior.}
 
Those pencils are much inferior to these.
This quality of rice is superior to foreign rice.
Nethuli is senior to Samadhi in the school.
Pavani is junior to me by years.
Anterior to 1871 Japan was in the feudal stage.
 
Preferable යන පදයටද ඉහත රීතිය ම අදාළ වේ.
{The word preferable also takes to instead of than.}
 
(පහත උදාහරණය බලන්න.)
 
Vegetables and fruits preferable to meat as diet.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll