නිදර්ශකවාචී සර්වනාම - 44

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Nidharshakawachee Sarwanama - නිදර්ශකවාචී සර්වනාම - Demonstrative Pronouns. 


පහත සඳහන් වාක්‍ය දෙස බලන්න.
{Look at the following sentences:}

This is Thanu’s book.
(මේ/මේක තනූගේ පොත යි.)

These are Sanda’s scissors.
(මේ/මේවා සඳාගේ කතුරු යි.)

That is Kali’s hat.
(අරක කාලිගේ තොප්පිය යි.)

Those are Tommy's tennis shoes.
(අරවා ටොමීගේ ටෙනිස් සපත්තු යි.)

This dress of a Sri Lankan is more picturesque than that Of an Englishman.
(ශ්‍රී ලාංකිකයාගේ මෙම ඇඳුම, එංගලන්තකාරයාගේ අර ඇඳුමට වඩා චිත්තාකර්ෂණීය යි.)

මෙහිදී this, these, that සහ those යන වචන යොදාගෙන ඇත්තේ නාමපද වෙනුවට, අදාළ නිශ්චිත දේවල් පෙන්වාදීමට ය.  ඒවාට ( = this, these, that සහ those යන වචනවලට) “නිදර්ශකවාචී සර්වනාම - Demonstrative Pronouns” යනුවෙන් කියනු ලබන්නේ, ඒවා යම් යම් දේවල් ආදර්ශනය හෝ ගෙනහැර දැක්වීම කරන නිසාවෙනි.

{Here the words this, these, that and those are used instead of nouns to point out certain things. They are called Demonstrative Pronouns, because they demonstrate or show things.}

This සහ these යොදාගන්නේ ළඟ පාත ඇති දේවල් පෙන්වා දීමේදී ය. that සහ those යොදාගන්නේ දුර/ඈත ඇති දේවල් පෙන්වා දීමේදී ය.

{This and these are used in pointing out things close by; that and those point out things further away.}

සමහර වෙලාවට this කියන සර්වනාම පදයෙන් අදහස් කරන්නේ, කලින් සඳහන් කරන ලද දේවල් දෙකකින් මුල්/මුල්ම/පළමු එක/වැන්න. ඒ වගේම that කියන සර්වනාම පදයෙන් අදහස් කරන්නේ, කලින් සඳහන් කරන ලද එම දේවල් දෙකකින් ඉතිරි/දෙවැනි/ඊගාව එක.

උදාහරණය : He tried both to win the race and to break the record; this he did, but that was beyond him - තරඟය දිනීම හා කලින් තබා තිබූ තරඟ වාර්තාව බිඳ හෙළීම යන දෙකම කිරීමට ඔහු උත්සාහ කළේය; පළමු වැන්න ඔහු කළේය, එහෙත් දෙවැන්න ඔහුට කළ නොහැකි විය (ඔහුගෙන් ගිලිහුණි; ඔහුට තව දුර ය).

{Sometimes this means ‘the former’ and that, ‘the latter.’
E.g. He tried both to win the race and to break the record; this he did, but that was beyond him.}

නිදර්ශකවාචී සර්වනාම පද යෙදෙන වාක්‍ය තුළ, සංඛ්‍යාත්මක නාම විශේෂණයක් වන “එක” යන්න, සර්වනාමයක් ලෙසින් බොහෝවිට යොදා ගැනේ. එමෙන්ම එය (“එක” යන්න) බහුවචනයෙන් ද “ඒවා” ලෙස යොදා ගැනේ.

උදාහරණය : If that pencil is not a good one, I have some better ones here.

{The numeral adjective One is also used as a pronoun, very often in sentences in which demonstrative pronouns are used. It is used in the plural also. 
E.g. If that pencil is not a good one, I have some better ones here.}

None කියලා අදහස් කරන්නේ “එකක් වත් නෑ” කියලයි. ඒ වගේම None කියන පදයත් එකවචනයෙන් වගේම බහුවචනයෙන් ද යොදා ගන්නවා.

උදාහරණ : I am looking for string, but there is none to be found.
You said there were some apples here, but there are none. 

{None means not one, and is used both as a singular and as a plural.
E.g.: I am looking for string, but there is none to be found. 
You said there were some apples here, but there are none. } 

දැන්, පහත වාක්‍ය දෙස බලන්න.
{Now, look at the following sentences:}

The sand in this bottle is a bit of England. 
Those bottles of perfume are French. 
That piano is badly out of tune. 
I sent off those parcels a week ago.

මෙම වාක්‍ය තුළ this, these, that සහ those යන නිදර්ශකවාචී සර්වනාමයන්ට පසුව නාමපදයක් යෙදෙන බැවින්, එවිට ඒවාට (this, these, that සහ those යන නිදර්ශකවාචී සර්වනාමයන්ට ම) කියන්නේ,  නිදර්ශකවාචී නාම විශේෂණ (පද) කියා යි.

{Here this, these, that and those are followed by nouns, and so they are called Demonstrative Adjectives.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll