අතීතකාල අඛණ්ඩ ක්‍රියා - 76

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Atheethakala Akhanda Kriya - අතීතකාල අඛණ්ඩක්‍රියා - Past Continuous Tense.


අතීතයේදී කර කර (කරමින්) සිටි යමක් ප්‍රකාශ කිරීමට, අතීතකාල අඛණ්ඩක්‍රියා භාවිතා කෙරේ.

{The Past Continuous Tense expresses something being done in the past.}

*වාක්‍ය වින්‍යාසය = කර්තෘ/කර්තෘ පූරණය + “Be” යන මූල ක්‍රියා පදයේ අතීත ස්වරුපයයක් + ක්‍රියාපදය+ing + කර්මය/කර්ම පූරණය.

{Syntax = Subject/Complement + A past tense form of the (main) verb “Be” (auxiliary verb) + Main Verb+ing + Object/Complement.}

පිළිබිඹු කිහිපයක්.
{A Few Models.}

# I was sleeping when you called - ඔයා කෝල් කරනකොට/විට, මම නිදාගෙන හිටියේ.

# We were yelling at him - අපි ඔහු දිහාට කෑ මොර දිදී හිටියෙ.

# At that time, she was crying- එවෙලේ/ඒ වේලාවේ(දී), එයා අඬ අඬා/අඬමින් හිටියා. …

Homework- ගෙදරවැඩ.

*ඉහත ආකාරය ගුරුකොට ගනිමින් කලින් හා ඉදිරි පාඩම්වල වාක්‍ය වින්‍යාසය සකසා, මතක තබා ගන්න.
[*වාක්‍ය වින්‍යාසය = වාක්‍යයක පද/වචන පෙළගැසී ඇති ආකාරය.]

{Take the above *Syntax for instance and make/line/remember the Syntax as the same way, for the gone and coming lessons.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll