සිංග්‍රීසි - III

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

සිංග්‍රීසි - Singlish.


(ඉංග්‍රීසි වචන කියවීමට හා ලිවීමට, සිංග්‍රීසි / සිංග්ලිෂ් කියවීමට හා ලිවීමට හැකිවීම ද බෙහෙවින් ම උපකාර වේ.)

සිංග්‍රීසි / සිංග්ලිෂ්වලින් ලියන හැටි.
{How to write in Singreesi / Singlish.}

නූතන සිංහල හෝඩිය හා සමමුහුර්ථ ඉංග්‍රීසි අකුරු.
{Current Sinhalese Alphabet synchronized with English letters.}

*ස්වර - Vowels. (පණකුරු, ප්‍රාණාක්‍ෂර, ස්වරාක්‍ෂර.)

01. අ - a (ක් + අ = ක)
02. ආ - a, aa (ක් + ආ = කා)
03. ඇ - a, e, ae (ක් + ඇ = කැ)
04. ඈ - a, aa, e, ae (ක් + ඈ = කෑ)
05. ඉ - i (ක් + ඉ = කි)
06. ඊ - ee, i, ii (ක් + ඊ = කී)
07. උ - u (ක් + උ = කු)
08. ඌ - u, uu, oo (ක් + ඌ = කූ)
09. ඍ - ri, ru (ක් + ඍ = කෘ)
10. ඎ - ri, ru (rru) (ක් + ඎ = කෲ)
11. ඏ - භාවිතයේ නොමැත.
12. ඐ - භාවිතයේ නොමැත.
13. එ - e (ක් + එ = කෙ)
14. ඒ - e, ea (ක් +ඒ = කේ)
15. ඓ - ai (ක් + ඓ = කෛ)
16. ඔ - o (ක් + ඔ = කො)
17. ඕ - o, oo (ක් + ඕ = කෝ)
18. ඖ - av, aw, au, ou (ක් + ඖ = කෞ)
19. ං - n, ag, an (ක් + ං = කං)
20. ඃ - h, ah (ක් + ඃ = කඃ)

ව්‍යංජන - Consonants. (ගතකුරු, ගාත්‍රාක්‍ෂර, ව්‍යංජනාක්‍ෂර, අල්/හල්අකුරු.)

21. ක් - k
22. ඛ් - kh
23. ග් - g
24. ඝ් - gh
25. ඞ් - n
26. ඟ් - ng
27. ච් - c, ch
28. ඡ් - ch, (chh)
29. ජ් - j
30. ඣ් - jh
31. ඤ් - kn / ඥ් - gn
32. ඦ - nj
33. ට් - t, th
34. ඨ් - th (tth)
35. ඩ් - d
36. ඪ් - dh (ddh)
37. ණ් - n
38. ඬ් - nd (ndh)
39. ත් - t, th
40. ථ් - th (thh)
41. ද් - d
42. ධ් - dh (dhh)
43. න් - n
44. ඳ් - nd
45. ප් - p
46. ඵ් - ph
47. බ් - b
48. භ් - bh (bhh)
49. ම් - m
50. ඹ් - mb
51. ය් - y
52. ර් - r
53. ල් - l
54. ව් - v, w
55. ශ් - sh
56. ෂ් - sh (shh)
57. ස් - s
58. හ් - h
59. ළ් - l (lh)
60. ෆ් - f (fh)

ව්‍යංජන (හල්) අකුරකට ස්වර අකුරක් එක්වී, සම්පූර්ණ ව්‍යංජන අකුරක් නිර්මාණය වන බව වටහා ගන්න. ස්වර අකුරු සෑම විටම සම්පූර්ණ අකුරකි.

උදාහරණ : k+a = ka = ක; k+a/aa = ka/kaa = කා; k+a/e/ae = ka/ke/kae = කැ ...

(ඉහත *ස්වර 20 ඉදිරිය ද පහත උදාහරණ ද විමසිල්ලෙන් බලන්න.)

ඤ් + අ = ඤ ; ඤ් + ආ = ඤා
kn+a = kna ; kn+a/aa = kna / knaa

පි+පි+ඤ්+ඤා = ප්+ඉ-ප්+ඉ-ඤ්-ඤ්+ආ = පිපිඤ්ඤා
pi+pi+kn+kna = p+i-p+i-kn-kn+a/aa (Pipiknkna) pipiknkna / pipiknknaa.

ඥානය = (Gnanaya) gnanaya / gnaanaya.

Kiribathgoda Knanananda Himi - කිරිබත්ගොඩ ඤානානන්ද හිමි.

Galigamuwe Gnanadeepa Himi - ගලිගමුවේ ඥානදීප හිමි.

ඉ+•+ග්‍රී+ සි = ඉ+•+ග්+ර්+ඊ+ස්+ඉ = ඉ•ග්‍රීසි
I+n+gree+si = i+n+g+r+ee+s+i = (Ingreesi) ingreesi.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll