"හැව්” ("හෑව්") නමැති ක්‍රියා පදය - 135

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“Have” Yana Kriyapadaya - “හෑව්” නම් ක්‍රියාපදය - The Verb “Have”.


Have යන ක්‍රියා පදය දෙයාකාරයකින් භාවිතා වේ.
[The verb Have is used in two ways.]

1. අයිතිය හා සම්බන්ධ සංයුක්ත හෝ වියුක්ත හැඟීම අදහස් කිරීම සඳහා සකර්මක ක්‍රියාපදයක් ලෙස.
[1. As a Transitive verb to mean concrete or abstract sense of possession.]

ඔබට හොඳ කාර් එකක් තිබේ.
You have a fine car.

මෙම රෝස ගස සතුව සුදු මල් ඇත.
This rose tree has white flowers.

මට කරන්න වැඩ ගොඩක් තියෙනවා.
I have much work to do.

ඔහුට උගුරේ අමාරුවක් තිබේ.
ඔහුට ඉදිමුණු / වේදනා ගෙන දෙන / බැරැන්ඩි වූ උගුරක් ඇත.
He has a sore throat.

2. උපක්‍රියා ක්‍රියාපදයක් ලෙස.
[2. As an Auxiliary Verb.]

තවත් ක්‍රියා පදයක අතීත කෘදන්තය සමඟ, එය තවත් කාලභේද දෙකක් සාදයි.
With the perfect participle of another verb, it forms two more tenses.

(අ) වර්තමාන පරිපූර්ණ.
[(a) The Present Perfect.]

මම මේ පොත දෙවරක් කියවා ඇත්තෙමි.
මම මේ පොත දෙපාරක් කියවලා තියනවා.
I have read this book twice.

(ආ) අතීත පරිපූර්ණ.
[(b) The Past Perfect.]

ඔබ මීට පෙර එහි ගිහිල්ලා / ඉඳලා තියෙනවා නේද?
You had been there before, hadn’t you?

# පොරොන්දුවක් ඉටු කිරීම හෝ පූරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමේ දී Have සහ Had යන ක්‍රියාපදයන්ට අනතුරුව ම තුමන්ත ක්‍රියාපද ස්වරූපය යෙදීම සාමාන්‍ය - සුලබ ක්‍රමය කි.
[Have and Had followed by the Infinitive form a common way of expressing obligation or fulfilment (fulfillment) of a promise.]

මම නවයට පෙර පාසලේ සිටිය යුතුයි.
මට නවයට පෙර පාසලේ ඉන්ඩ වෙනවා / ඉන්ඩ සිද්ධ වෙනවා.
මට නවයට පෙර පාසලේ ඉන්නට / ඉන්න තියෙනවා.
I have to be at school before nine.

හෙට ඔබේ නැන්දාට (ලිපියක්) ලියන්නට තියෙන / වෙන බව අමතක නොකරන්න.
Don’t forget that you have to write to your aunt tomorrow.

අපි දුම්රිය ස්ථානයේ සිටිය යුත්තේ කීයට ද?
අපිට දුම්රියපොළේ ඉන්නට / ඉන්ඩ තියෙන්නේ කීයට ද? 
When have we to be at the station?

මට ඒක කරන්න සිද්ධ උණා.
මට ඒක කරන්ඩ වුණා.
I had to do it / that.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll