සම්බන්ධ විභක්තිය - 23

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Sambandha Wibhakthiya - සම්බන්ධ විභක්තිය - Possessive Case.


සම්බන්ධ විභක්තිය මඟින් අඟවන්නේ: කෙනෙක්ට, යම් වස්තුවකට, ක්‍රියාකාරකමකට හෝ ගුණයකට, එසේත් නැත්නම් යම් තත්ත්වයක පැවැත්මට දක්වන/ඇති අයිතිය යි. සම්බන්ධ විභාක්ත්‍යාර්ථය ගොඩනගනුයේ ප්‍රථමා විභක්ති කර්තෘට ’s (ලෝපය හා එස් අකුර) එකතු කිරීමෙන් ය.

{The possessive case denotes a possession of some object, action or quality, or the being of some condition. In the singular, it is formed by adding ’s  (= apostrophe and ‘s’) to the nominative.}
 
My uncle’s business.
මගේ මාමාගේ ව්‍යාපාරය/ව්‍යාපාර.
The king’s death.
රජුගේ මරණය.
My mother’s kindness.
මගේ මව්ගේ කරුණාව.
My sister’s age ...
මගේ සහෝදරීගේ වයස ...

[සම්බන්ධ විභක්ත්‍යාර්ථය සිංහලෙන් පෙනී සිටීමේදී, ප්‍රථමා විභක්ති කර්තෘ “ගේ” යන්නෙන් අවසන් වන බව වටහා ගන්න.]

සාමාන්‍යයෙන්, සම්බන්ධ විභක්තිය ගන්නේ (සප්‍රාණික) සජීවී වස්තු ය.
(පහත උදාහරණ බලන්න.)

{Generally it is the names of living creatures which are put in the possessive case.}

The elephant’s trunk.
The ant’s industry …

අප්‍රාණික වස්තු, සම්බන්ධ විභක්තියෙන් තැබීම සාමාන්‍ය ක්‍රමවේදය නොවේ. ඒ වෙනුවට අපි බොහෝවිට යොදනුයේ ක්‍රියා විශේෂණයකි.
(පහත උදාහරණ බලන්න.)

{It is not usual to give inanimate objects the possessive form. Instead of that we may use an adjective.}  

The colonies’ trade. වෙනුවට Colonial trade.
Sri Lanka’s history. වෙනුවට Sri Lankan history ...

නමුත්, අප්‍රාණික වස්තුවකට අයිති සබඳතාවය හැඟවීමට යොදාගන්න සාමාන්‍ය ක්‍රමය වනුයේ, නාමපදයක් සමඟ ‘of’ [= ඔව්(ෆ්) / අව්(ෆ්)] නිපාතය යොදාගැනීමයි.
(පහත උදාහරණ බලන්න.)

{But the common way to express the possessive relation of inanimate things is to use the preposition ‘of ’ with a noun.}

Correct - නිවරද.                             
The rent of the house.                   
The title of the book. 

Incorrect - වරද.
The house’s rent.
The book’s title. …

නමුදු, ඉහත රීතිය අතික්‍රමණයකරන ප්‍රකාශන ද ඇත.
(පහත උදාහරණ බලන්න.)
{But there are expressions to the above rule; for we can say:}

The sun’s heat.  
Sri Lanka’s ocean.
China’s plight. … 

(ඉහත) මෙම උදාහරණ වාක්‍ය 3 තුළ පුද්ගලාරෝපණය පැතිරී පවතී. ඒ අයුරින් යොදාගන්නා තවත් වාක්‍ය ඛණ්ඩ ඇත. [පුද්ගලාරෝපණය යනු, අජීවී දෙයක්/දේවල් සජීවී පුද්ගලයෙකු/පුද්ගලයන් ලෙස සලකා ගැනීමය.]

(පහත උදාහරණ බලන්න.)
{In these cases it is the idea of personification which prevails. There are some common phrases in which this form is used.}

In a week’s time.   A stone’s throw from here.
At the journey’s end.  A hair’s breadth.

සම්බන්ධ විභක්තිය, සමහර අවස්ථාවන්හිදී  ව්‍යාකර්ණානුකූලව විස්තරාත්මකව යොදනු ලැබේ.
(පහත උදාහරණ බලන්න.)
{The possessive case sometimes expresses apposition.}

The city of Colombo. The game of Elle.
The month of February. He is a fool of a boy.

නාම පදය අවසන්වනුයේ  s හෝ ce වලින් නම්, සමහර අවස්ථාවලදී, සම්බන්ධ විභක්තියෙදී  අවසාන s අකුර අත්හැරදමයි.
(පහත උදාහරණ බලන්න.)
{After noun ending in s or ce the final s of the possessive is sometimes omitted.}
 
Socrates’ (Socrates’s) death was a tragedy.
For goodness’ (goodness’s) sake, keep quiet.
(ce - සඳහා උදාහරණ ඔබ සොයන්න.)

නමුදු, මෙය දැන් සාමාන්‍යකරණය වී ඇත. එය කුමක්ද යත් අවසාන s අකුර එසේම තැබීම, විශේෂයෙන්ම නවීනපන්නේ නම් සමඟ ... 
(පහත උදාහරණ බලන්න.)

{But it is now usual, especially with modern names, to retain the s after apostrophe.}

Charles’s reign was a brief one.
This dressing-gown is James’s.

සමාස නාමයකදී හෝ වදන් වැලකදී, සම්බන්ධ විභක්ත්‍යාර්ථය ලබාගනුයේ අවසාන ම  වදනට  සබැඳි ලකුණ (’s) එක්කරගැනීමෙනි.
(පහත උදාහරණ බලන්න.)

{In the case of a compound noun or a group of words, the sign of the possessive is added to the last word.}

My son-in-low’s marriage.
The queen of Sweden’s father.
Alfred the Great’s education.

නාම පද 2ක් ව්‍යාකර්ණානුකූලව විස්තරාත්මකව යොදනුලබන විටදී සබැඳි ලකුණ ( ’s ) යොදනුයේ දෙවන  නාම පදයට පමණි.
(පහත උදාහරණය බලන්න.)

{When two nouns are in apposition, the sign of the possessive is added to the latter noun only.}

I call at Smith the grocer’s.

නමුදු, අපි බොහෝවිට සබැඳි ලකුණ ( ’s ) නාම පද දෙකටම දෙන්නෙමු.
(පහත උදාහරණය බලන්න.)
{But often we give the possessive sign to both nouns.}

We can buy tennis shoes at Ranil’s the clothier’s.

සමහර අවස්ථාවලදී, නාම පදය තේරුම් ගැනීමට පහසුවිටදී, සම්බන්ධ විභක්ත්‍යාර්ථයට පසුව යෙදියයුතු නාමපදය  අත්හැරදමයි. 
(පහත උදාහරණ 2 තුළ නිවස හා කඩය යන වදන් දෙස බලන්න.)

{The noun is sometimes omitted after the possessive when it can be understood as a matter of cause.
(Here house and shop are understood.)}
 
I looked in at Mrs. Guwani’s. (house)
You can buy toothbrushes at Thomson & Taylor’s. (shop)

බහුවචන සම්බන්ධ විභක්ත්‍යාර්ථය සාදාගනුයේ, බහුවනයට ලෝපය (’) = (apostrophe) එක්කිරීමෙනි.
(පහත උදාහරණය බලන්න.)

{The possessive plural is formed by adding an apostrophe to the plural form.}

Girls’ schools.  Ladies’ fingers. …

නුමුදු, බහුවචනය එස් (s) අකුරින් අවසන් නොවන්නේ නම්, බහුවචනයට ලෝපය හා එස් අකුර (’s) යෙදේ.
(පහත උදාහරණය බලන්න.)

{If the plural does not end in s, we must add ’s to it to from the possessive.} 

Men’s sizes in boots are larger than women’s.
A children’s party will be held.
We heard some people’s voices.

නමුදු අපි බොහෝවිට, ඒකවචනයේ හා බහුවචනයේ සබැඳි ලකුණ ( ’s )  අතහැරදමයි.
(පහත උදාහරණ බලන්න.)

{But we often leave out the sign of the possessive, both in the singular and the plural. In these cases the first noun has the force of an adjective.} 

(පහත මෙම නාමයන්හි, පළමු නාම කොටසෙහි නාම විශේෂණ අගයක් ද පවතී.)

Mouse-net. Westminster Prasad.  Bootlaces.
Chair-lag.  Tiger cubes.  The school gate. Flower-vase. Paper-weight.  Town hall.

සම්බන්ධ විභක්ත්‍යාර්ථය දනවමින්, ඒකවචන හා බහුවචන අඩංගු වාක්‍ය ඔබට හැකි තරම් සදා පෙන්වන්න.
{Make the possessive case, singular and plural of words as many as U can.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll