වර්තමානකාල අඛණ්ඩ ක්‍රියා - 73

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Warthamanakala Akhanda Kriya - වර්තමානකාල අඛණ්ඩ ක්‍රියා - Present Continuous Tense.


# යමක් ගැන කතාකරන මොහොතේ, එය දිගින් දිගටම කෙරෙමින් පවතින බව, වර්තමානකාල අඛණ්ඩ ක්‍රියා මඟින් ප්‍රකාශ වේ.

{# The Present Continuous Tense or Present Progressive Tense expresses something that is being done at the time of speaking.}

(ඉංග්‍රීසි) වාක්‍ය රටාව වනුයේ : කර්තෘ + am/is/are+ ක්‍රියාව+ing + (කර්මය / ඌන පුරණය.) [‘Be’ යන මූලක්‍රියා පදයේ වර්තමාන ස්වරූපයන්.]

{The pattern of the Sentence is : Subject + am/is/are + Verb+ing + (Object/ Complement). [The present forms of the main verb ‘Be’.]}

1. I am typing in English- මම ඉංග්‍රීසියෙන්යතුරු ලිය ලියා ඉන්නේ / ඉන්නවා / සිටිමි ...
2. You are learning English- ඔබ/ඔබලා ඉංග්‍රීසි ඉගෙනගනිමින් සිටින්නේ ...
3. He / She is teaching English - ඔහු/ඇය ඉංග්‍රීසි උගන්න උගන්න ඉන්න ගමන් ...

# අනාගත ක්‍රියාවක් හෝ කලින් / කල්තියා (නිශ්චිතව) සැලසුම්කළ හෝ යොදාගත් අනාගත ක්‍රියාවක් ‘අනාගතකාල පදයක්’ සමඟ යොදා ගැනීමෙන් ප්‍රකාශ කිරීම ද, වර්තමානකාල අඛණ්ඩ ක්‍රියා මඟින් සිදුවන තවත් කාර්යයකි.

{# It is also used to express a future action or (definite) planned or arranged future action with a ‘future time word’.}

1. I am coming (to meet you) - මම (අනාගතයේදී) එනවා/එන්නම් (ඔයාව මීට්/හම්බ වෙන්න).
2. We are learning English next month also - අපි ලබන මාසෙත් ඉංග්‍රීසි ඉගෙනගන්නවා.
3. He/She is going to school coming-Monday - ඔහු/ඇය/එයා ලබන සඳුදා ඉස්කෝලේ/පාසල් යනවා.

# ‘වර්තමානකාල අඛණ්ඩ ක්‍රියා’ ලෙස පෙනී ගියද  “(‘බී’ යන ක්‍රියාවේ ස්වරූපයක් සමඟ) going (to)” යන කොටස ද කලින්/කල්තියා සැලසුම්කළ හෝ යොදාගත් අනාගත ක්‍රියාවක් ප්‍රකාශ කිරීමට යොදා ගන්නා බව මතකතබා ගන්න.

{# Note the phrase “(be+) going (to)” is also used to expresses certain or planned Future Actions, even though it seems like in The Present Continuous Tense.}

(ඉංග්‍රීසි) වාක්‍ය රටාව වනුයේ : කර්තෘ + am/is/are + going + භාවක්‍රියාව / තුමන්ත ක්‍රියාව + (කර්මය/ඌන පූරණය). [‘Be’ යන මූලක්‍රියා පදයේ වර්තමාන ස්වරූපයන්.]

The pattern of the Sentence is : Subject + am/is/are + going + infinitive + (Object/Complement). [The present forms of the main verb ‘Be’.]

1. I am going to type in English- මම ඉංග්‍රීසියෙන් යතුරු ලියන්නයි යන්නේ.
2. We are going to learn English- අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නයි යන්නේ.
3. He / She is going to teach English- ඔහු/ඇය/එයා ඉංග්‍රීසි උගන්නන්නයි යන්නේ.

Homework- ගෙදරවැඩ.

අනු මාතෘකා තුනට ම (#) අදාළ, භාවිත නිදසුන්සොයන්න.

{Find some illustrations of use, referred to all the three (#) subtitles.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll