ක්‍රියාවිධිය - 85

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Kriyawidhiya - ක්‍රියාවිධිය - Mood.


‘ක්‍රියාවිධිය’ යන වචනය ‘විදිහ’ යන වචනයට සමානය, එහි අරුත (ක්‍රියාව තිබෙන) ‘ආකාරය’ යන්නයි. 
{Mood is the same word as Mode, which means Manner (of Verb).}

ඉංග්‍රීසි භාෂාවෙහි මුලික (වරනැඟෙන / වරනැඟිය හැකි) ක්‍රියාවිධි හතරකි.
{There are four main (inflectional / conjugational) Moods in English.}

1. Indicative Mood - ත්‍රෛකාලික ක්‍රියාවිධිය.
2. Imperative Mood - විධික්‍රියා ක්‍රියාවිධිය.
3. Subjunctive Mood - අසම්භාව්‍ය ක්‍රියාවිධිය.
4. Infinitive Mood - තුමන්ත (භාව) ක්‍රියා ක්‍රියාවිධිය.

මෙම කණ්ඩායම් හතරෙහි ඇති වෙනසට “ක්‍රියාවිධියේ භේද” යැයි කියනු ලැබේ.
{The differences in these four groups are called “Differences of Mood”.}

ඉහත සිව් වැදෑරුම් බෙදීමට අමතරව, පහත පරිදි දිගුවක් ද තිබිය හැක.
{There can be an extension as follows.}

5. Causative (Causal) Mood - ප්‍රයෝජ්‍ය ක්‍රියා ක්‍රියාවිධිය.
6. Optative Mood - ආශිර්වාද ක්‍රියා ක්‍රියාවිධිය. 
7. Conditional Mood - අසම්භාවන (අසම්භාව්‍ය) ක්‍රියා ක්‍රියාවිධිය.

නැතහොත්, ඉංග්‍රීසි භාෂාවේ දී, මෙම අංක 6. සහ 7. යන දෙකම [ආශීර්වාද ක්‍රියා ක්‍රියාවිධිය සහ අසම්භාවන (අසම්භාව්‍ය) ක්‍රියා ක්‍රියාවිධිය], අංක 3. (අසම්භාව්‍ය ක්‍රියා ක්‍රියාවිධිය) තුළ අන්තර්ගත විය හැක.

{Or, in English, both these nos. (6. and 7. - Optative and Conditional Moods) can be included in no. 3. (Subjunctive Mood).}

ඉහත අනුපිළිවෙලින් ම, මේ එක් එක් ක්‍රියාවිධියට අදාළ උදාහරණ සහිතව ඊළඟ පාඩම්වල දී ඉගෙනගැනීමට අපට පුළුවනි.

{We can learn each Mood respectively with relevant examples in the next lessons.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll