උභයවාචී / අන්‍යෝන්‍යවාචී සර්වනාම - 49

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Ubhayawachee / Anyonyawachee Sarwanama - උභයවාචී /අන්‍යෝන්‍යවාචී සර්වනාම - Reciprocal Pronouns. 


‘උභයවාචී සර්වනාම’ යොදා ගනුයේ, යමක් අන්‍යෝන්‍යව එකිනෙකාට/එකිනෙකට, ආපසු/නැවත කිරීමේ අවස්ථාවන් හේතුකොට ගෙනය (උදාහරණ දෙස බැලීමෙන් එය වටහා ගත හැක). ‘උභයවාචී සර්වනාම’ නම්: Each other සහ One another  - එකිනෙක(ට) / එකිනෙකා(ට) යන සර්වනාම පද වේ.

{Reciprocal Pronouns used in case of something done in return. They are each other and one another.}
   
ü    ‘Each other’ - එකිනෙක(ට) / එකිනෙකා(ට) යන සර්වනාමය සාමාන්‍යයෙන් අදාළ වෙන්නේ, පුද්ගලයන් දෙදෙනෙකුට හෝ දේවල් දෙකකට ය.

භාවිත උදාහරණ - Examples of use.
   
Our houses face each other - අපේ ගෙවල් (දෙක) එකිනෙකට මුහුණලා පවතී.

They gave each other birthday presents- ඔවුන් (දෙදෙනා) එකිනෙකාට උපන්දින තෑගි පිරි නැමීය. 
 
{Each other generally refers to two persons or things.}

ü    කොහොම හරි, නිතර ම පාහේ ‘Each other’ යන සර්වනාමය දෙදෙනෙකුට / දෙකකට වඩා වැඩි ගණනක්‌ දැක්වීමට ද යොදා ගැනේ.

භාවිත උදාහරණ - Examples of use.

We should help each other gladly - අපි එකිනෙකාට සතුටු සිතින් උදව් කර ගන්න ඕන.

The soldiers were pelting each other (or one another) with snowballs - සොල්දාදුවෝ, හිමබෝල වලින් එකිනෙකාට ගහ ගත්තා / ගගහා හිටියා.

{However, often each other is used in reference to more than two subjects.}

ü    ‘One another’ - එකිනෙක(ට) / එකිනෙකා(ට)  නං කෙලින්ම අදාළ වෙන්නේ, දෙදෙනෙකුට / දෙකකට වඩා වැඩි ගණනකට ම යි.
 
Kittens love to chase one another - එකිනෙකා පස්සේ එළවන්ඩ පූස් පැටව්, හුඟාක් කැමති යි.

It is ridiculous to hear people blaming one another - මිනිස්සු එකිනෙකාට දොස් පරොස් කියව ගන්නවා අහන්ඩ ලැබෙන එක නං ‘මහ (ම මහ) පිස්සුවක් / (මළ) විකාරයක්’.

{One another directly refers to more than two persons or things.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll