“ඩූ” යන ක්‍රියා පදය - 146

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“Do” Yana Kriyapadaya - “ඩූ” යන ක්‍රියාපදය - The Verb "Do". 


Do is used in two main ways.
ඩූ” ප්‍රධාන ක්‍රම දෙකකින් යොදා ගනු ලැබේ.

1. As a Principal Verb, meaning “to carry out or perform”.
"ක්‍රියාත්මක වෙනවා හෝ ඉටු කරනවා" යන අදහස ගෙන දෙමින් ප්‍රධාන ක්‍රියාපදයක් ලෙසින්.

He does his work carefully.
ඔහු ඔහුගේ වැඩ පරිස්සමින් කරයි.

Always do a little more than is expected of you.
නිතරම ඔයාගෙන්/ඔබෙන් (අනික් අය) බලාපොරොත්තු වෙනවාට වඩා වැඩි යමක් කරන්න.

Would you like to do something for me? I don’t mind if you do.
මා වෙනුවෙන් යමක් කරන්න ඔබ කැමති ද? ඔයා (මා වෙනුවෙන් යමක්) කරනවා නං මං කැමතියි.
මා වෙනුවෙන් යමක් කරන්න ඔබ කැමති ද? ඔයා (මා වෙනුවෙන් යමක්) කරනවා නං කොච්චර එකක් ද.

1.1. Do as a Principal Verb also means “to be suitable”.
“ඩූ” ප්‍රධාන ක්‍රියාපදයක් ලෙසින් "යෝග්‍ය/ඔබින" යන අරුත ද ගෙන ඒ.

This pencil will do very well, thanks.
මේ පැන්සල නියමෙට ම ගැළපෙනවා, පිං/තුති.

Tea at five. Will that do for you?
තේ පානය පහට. පහට තේ බොන එක ඔයාට ගැළපෙනවා ද?
තේ පානය පහට. පහට තේ බොන එකෙන් ඔයා සෑහීමට පත් වෙනවා ද?

Note: A very common salutation is How do you do? This means How are you? or How are you getting on? (both of which are also common greetings.)
සටහන: සුප්‍රසිද්ධ ආචාර-සමාචාර විධික්‍රමයක් වන "හව් ඩූ යූ ඩූ? - How do you do?" යන්නෙන් අදහස් කරන්නේ "ඔබට කොහොම ද? - How are you?" හෝ "කොහොම ද සැප සනීප? - How are you getting on?" යන්නයි.
("ඔබට කොහොම ද?" හෝ "කොහොම ද සැප සනීප?" යන යෙදුම් දෙක ද සුප්‍රසිද්ධ ආචාර ක්‍රම දෙකකි.)

In How do you do? the first do is auxiliary, the second do the principal verb, meaning something like thrive.
How do you do? යෙදුමෙහි පළමු “ඩූ” උපක්‍රියාවක් වන අතර, දෙවන “ඩූ” සඵල/දියුණු වෙනවා වැනි අදහසක් ගෙන දෙන ප්‍රධාන ක්‍රියාපදයයි.

2. Do is also commonly used to give another verb emphasis.
“ඩූ” තවත් ක්‍රියාපදයක් අවධාරණය (බරකොට දැක්වීම) සඳහා ද සුලබව යෙදේ.

Do you like music? Yes, I do.
ඔබ සංගීතයට කැමති ද? ඔව්, නිසැකව ම.
[ඔබ සංගීතලෝලියෙක් ද? අනිවාර්යයෙන් ම / කිවමනා නොහේ.]

Did you tell him everything? I did.
ඔයා එයට හැමදේම කිව්වද? මම කිව්වා / කියලා දැම්මා.

I do love you, mother.
මම ඔයාට ගොඩක් ම ආදරෙයි, අම්මා / අම්මේ.
අම්මා/අම්මෙ, මං ඔයාට ආආආදරෙයි / ආ...දරෙයි.

Poor little dog, he does want to go with us.
අහිංසක බලු පැටියා, එයාට අපිත් එක්ක යන්න ඕනෙ ම යි.
අනේ පව් මේ බල්ලා, උට අපිත් එක්ක යන්න ම ඕනෙ වෙලා.

Do make less noise there!
එතන හීමීට කතා කරන්න!
එතැන දී සද්දෙ අඩුවෙන් හැසිරෙන්න.
එතන වැඩිය සද්ද කරන්ඩ එපා!

2.1. Do as an Auxiliary Verb.
“ඩූ” උපක්‍රියාපදයක් ලෙසින්.

As a simple auxiliary do is generally used with verbs in the interrogative.
සාමාන්‍යයෙන් ප්‍රශ්නාර්ථයේ (ප්‍රශ්න වාචක) ලෙසින් “ඩූ” සරල උපක්‍රියාපදයක් වශයෙන් යොදා ගනී.

Do you use a hard pencil?
ඔයා පාවිච්චි කරන්නේ තද පන්සලක් ද?

When did you see him last?
අන්තිමේදී ඔයා එයාව දැක්කේ කවදද?
අවසාන වතාවට ඔබ ඔහු දුටුවේ/මුණ ගැහුණේ කෙදින ද?
අවසන් වර ඔයා එයාව දැක්කෙ කවද්ද?

How do you know?
ඔයා දන්නේ කොහොම ද?
ඔබ දන්නෙ කෙසේ ද?
ඔයා කොහොමද දන්නෙ?

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll