කර්මකාරක - 63

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Karmakaraka - කර්මකාරක - Passive Voice. 


කර්තෘට යමක් කරන (කෙරෙන) බව අඟවන්නේ කර්මකාරකය යි. නොඑසේනම්, සරලව ම, කර්ම කාරක වාක්‍ය තුළ දී කියවෙන්නේ, කර්තෘ ක්‍රියාව ලබන (ලැබූ / අනාගතයේදී ලබන) බව යි.

{The Passive Voice denotes that something is (was / will be) done to the Subject.
Simply, in other words, in the Passive Voice, the Subject receives (did receive / will receive) the action.}

උදා: - Examples:

1. Her baby is loved - ඇඟේ බබාට ආදරෙයි/ආදරේ කරනවා (ඇඟේ බබාට ආදරේ කරනු ලැබේ).
1.1. Her baby is loved by everyone - හැමෝම විසින් ඇඟේ බබාට ආදරේ කරනු ලැබේ.

2. The deer was killed - මුවාව මැරුවා (මුවාව මරණු ලැබිණ).
2. 1. The deer was killed by the tiger - කොටියා විසින් මුවාව මරණු ලැබිණ.

3. The scene will be left - එතැන හැර යයි/යාවි (එතනින් යනු ලැබේවි).
3. 1. The scene will be left by me - මා/ම විසින් එතනින් යනු ලැබේවි.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll