ප්‍රශ්නවාචී සර්වනාම - 46

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Prashnawachee Sarwanama - ප්‍රශ්නවාචී සර්වනාම - Interrogative Pronouns. 


ප්‍රශ්නවාචී සර්වනාම යොදාගනුයේ ප්‍රශ්න ඇසීමට ය. ප්‍රශ්නවාචී සර්වනාම යනු who (කවුද?), who යන පදයෙහිම කර්ම පදය වන whom (කාටද?) සහ who යන පදයෙහිම සම්බන්ධවාචී පදය වන whose (කාගෙද?) යන්නද; what (මොකක්ද?) සහ which (කෝකද?) යන පදයන් ද වේ.

{Interrogative Pronouns are such as are used in asking questions. They are who, with the objective whom and the possessive whose; what and which.}

Who, whom සහ whose යන පද පුද්ගලයන්ට පමණක් ම අදාළ වේ.
{Who, whom and whose refer to persons only.}

What යන්න නිර්ලිංගික පදයකි, එබැවින් නපුංසක ලිංග පද හා පමණක්ම යෙදේ.
{What is a neuter pronoun, and refers only to things without sex.}

Which යන පදය පුද්ගලයන් හා දේවල් යන දෙකටම අදාළ වේ.
{Which refers to both persons and things.}

Which සහ what යන පද, නාම විශේෂණ ලෙසින් යෙදෙන විට දී, ඒවා පුද්ගලයන් හා දේවල් යන දෙකට ම අදාළ වේ.
{When which and what are used as adjectives, they refer to both persons and things.}

උදාහරණ - Examples.

Who was the first European to come to India?
To whom did you lend that hook?
Whose son are you?
What are you going to be when you grow up?
What is all this noise about?
Which is it to be, fight or be friends?
Which is the house you are going to live in?   

Which සහ what යන පද, නාම පදයකට කලින්/පෙර යෙදෙන විට, ඒවා සර්වනාමික/සර්වනාමීය නාම විශේෂණ වේ.
{When which and what precede nouns, they are Pronominal Adjectives.}

උදාහරණ - Examples.

What name did he give you?
Which train are you going by?
Which kind of bicycle is the best?

ප්‍රශ්නවාචී සමාස සර්වනාම - Compound Interrogative Pronouns.

Whoever(කවුරු උණත්), whichever (කෝක හරි) සහ whatever (මොකක් හරි) ප්‍රශ්නවාචී සමාස සර්වනාම පදයන් වේ. -ever (හරි / උණත් / වුණත්) යන ප්‍රත්‍ය (කෙළවර කිරීම),who, which සහ what යන පදයන් බර කොට / අවධාරණය කොට දැක්වීමට උපකාරී වේ.

{Whoever, whichever and whatever are called Compound Interrogative Pronouns. The termination -ever serves to emphasize the pronouns who, which and what.}

උදාහරණ - Examples.

Whoever else would have thought of doing such a thing? 
Whichever of these flowers shall I choose? 
Whatever do you mean by talking like that?

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll