සම්බන්ධවාචී සර්වනාම - 45

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Sambandhawachee Sarwanama - සම්බන්ධවාචී සර්වනාම - Relative Pronouns. 


සම්බන්ධවාචී සර්වනාම නම්, who - කවුද (යත්) යන කර්තෘවාචකය ද එහි සම්බන්ධවාචකය වන whose - කාගේද / කාගේද (යත්) යන්න හා කර්මවාචකය වන whom - කාවද / කාටද (යත්) යන්නත් වේ. තවද, which - මොන (එකාද/එකද) / කොයි (එකාද/එකද) (යත්) හා එහි සම්බන්ධවාචකය whose (හෝ of which) - මොන (එකාගේද) / කොයි (එකේද) (යත්) යන්නත් වේ. එසේම, what - මොකක්ද / මොනවද (යත්), that - කවුද / කුමක්ද (යත්), as - කොයි වගේද / කුමකින්ද (යත්), සහ but - (මෙතැනදී ‘නමුත්’ =) කුමක් (නො)වේද / කවුරු (නො)වේද (යත්) යන ඒවාත් ද වේ.

{The Relative Pronouns are who, with its possessive whose and objective whom; which, with its possessive whose (or of which); what, that, as, and but.}

Who සහ whom යොදාගනුයේ පුද්ගලයන් සම්බන්ධව ය. Whose යොදාගනුයේ පුද්ගලයන් හෝ දේවල් සම්බන්ධව ය. Which යොදාගනු ලබන්නේ දේවල් හෝ තිරිසන් සතුන් සම්බන්ධව ය. That දේවල් හෝ පුද්ගලයන් සම්බන්ධව යොදා ගන්න පුළුවන්.

{Who and whom are used of persons; whose is used of persons or things; which is used of things or non-human creatures. That can be used of things or persons.} 

උදා: - E.g.:

The boy who is standing over there is my classmate.
අන්න අතන අර හිටගෙන ඉන්න පිරිමි ළමයා (කවුද යත්) මගෙ පන්තියේ ඉන්න ළමයෙක්.
අන්න අතන අර හිටගෙන ඉන්න පිරිමි ළමයා,  එයා මගෙ පන්තියේ ඉන්නේ.

(ඉහත උදාහරණය හොඳින් තේරුම්ගෙන, ඒ අනුව පහත ඒවා සකසන්න.)

The boy whom you were speaking to is like you.
Take what you want. 
The boy whose coat is torn looks poor. 
The letter, which you gave me to post, required a two Anna stamp.
The station to which we are going is Anuradhapura. 
That is the boy that I saw playing marbles.
It was such a sight, as I never want to see again.

As ––  පහත පරිදි සම්බන්ධවාචී සර්වනාමයක් යෙදෙන විට දී.
{As –– When a relative pronoun is used in the following ways:}

1. එනම්, such (එවැනි) සහ same [(ඒ හා) සමාන] සමඟ යෙදෙන විටදී.
{1. With such and same.}

උදා: - E.g.:

It was such a sight as I never want to see again.
He is the same kind of man as my father.

2. “Smith සහ Jones වගේ පොදු නම්.” වැනි යෙදුම් වල දී. (මෙතැනදී as = ඒවා වගේ)
{2. In expressions like: Common names, as Smith and Jones. (Here as = which may be.)}

3. “එක් කරුණක්/කාරණයක්, එය කුමක්ද යත්” යන අදහසින්.
3. In the sense of a fact which:

උදා: - E.g.:
He was a Chinese-man, as we could tell by his talk.

But –– පහත පරිදි සම්බන්ධවාචී සර්වනාමයක් යෙදෙන විට දී.
{But –– When a relative pronoun is used thus:}

උදා: - E.g.:

There was not a man or woman there but wept. (මෙතැනදී but = කවුරු නොවේද (යත්.))
{There was not a man or woman there but wept. (In this case but = who did not.)}

සම්බන්ධවාචී සර්වනාම පදයක් අදාළවන, නාම පදයට හෝ සර්වනාම පදයට “වාච්‍යය” කියා කියනු ලැබේ.
{The noun or pronoun to which a relative pronoun refers is called “The Antecedent.”}

සම්බන්ධවාචී සර්වනාමය, වාච්‍යය හා අදාළවන (සර්ව) නාම පදය සමඟ ලිංග භේදයෙන් ද ඒකවචන බහුවචන භේදයෙන් ද පුරුෂයෙන් ද ගැලපෙන පරිදි තැබිය යුතුමය. නමුත්, සෑම විටදීම සම්බන්ධවාචී සර්වනාමය, වාච්‍යය හා විභක්තියෙන් ගැලපී යෙදෙන්නේ නැත. (12,15,20,21,22,23,39 පාඩම් නැවත බලන්න.) 

{The Relative pronoun must agree in gender, number and person with the noun to which it refers the antecedent. But, it is not always of the same case as the antecedent.}

උදා: - E.g.:

This is the boy who helped me.
This is the boy of whom I spoke to you.
Tell me what you would like to do. 
Here are the books which I borrowed for you.
Here are the books in which you will find the information you are needing.

සම්බන්ධවාචී නාම විශේෂණ - Relative Adjectives.

Which සහ what යන පද දෙක සම්බන්ධවාචී නාම විශේෂණ පද වේ.
{Relative Adjectives are which and what.}

උදා: - E.g.:

I don’t know which way I have to go.
Please tell me what time it is.

සම්බන්ධවාචී සමාස සර්වනාම - Compound Relative Pronouns.

Whoever (කවුරු උනත් / කවුරු කවුරු හරි), whichever (කෝක උනත් / කෝක කෝක හරි) සහ whatever (මොකක් උනත් / මොක මොක හරි) යන පද ප්‍රශ්නවාචී පද (46/ඊළඟ පාඩම බලන්න) පමණක් ම නොවේ. ඒවා සම්බන්ධවාචීසමාස සර්වනාම පද ද වේ. (46/ඊළඟ පාඩමේ මෙන් ම ) මෙහි දී ද –ever (හරි/උනත්) යන ප්‍රත්‍ය (කෙළවර කිරීම)මඟින් who, which සහ what යන පදයන් බර/අවධාරණය කොට දක්වයි.

{Whoever, whichever and whatever are not only interrogative, but also Compound Relative Pronouns. In this case, too, the ending -ever emphasizes the pronouns who, which and what.}

උදා: - E.g.:

Whatever it may be, I cannot see him today. 
They accused whomever they liked of treason.
Whosesoever it is I shall keep it myself.
You may have whichever you please.
Whatever you do, don’t forget to be polite.
I know nothing whatever of him.

සම්බන්ධවාචී සමාස නාම විශේෂණ - Compound Relative Adjectives.

Whichever (whichsoever) සහ whatever (whatsoever)යන පද, සම්බන්ධවාචී සමාස නාම විශේෂණ පද ලෙසත් යොදාගනු ලැබේ.

{Whichever (whichsoever) and whatever (whatsoever) are also used as Compound Relative Adjectives.}

 උදා: - E.g.:

Whichever (or whichsoever) road you take, you will find your way home.

Money, in whatever hands, will give power.
In whatever place man may be, the spring will come to him.

ඉහත වාක්‍ය දෙකේ දී whatever වෙනුවට whatsoever ද යොදාගත හැක.
{In these two sentences whatsoever may be used instead of whatever.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll