සරල වර්තමානකාල ක්‍රියා - 72

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Sarala Warthamanakala Kriya - සරල වර්තමානකාල ක්‍රියා - Simple Present Tense. 


[Warthamanakala Aniyatha Kriya Nohoth Sarala Warthamanakala Kriya - වර්තමානකාල අනියත ක්‍රියා නැතහොත් සරල වර්තමානකාල ක්‍රියා - Present Indefinite Tense or Simple Present Tense.]

වර්තමානකාල අනියත ක්‍රියා නැතහොත් සරල වර්තමානකාල ක්‍රියා (වාක්‍ය)වල භාවිතයන්.

{The Present Indefinite Tense or Simple Present Tense has the following uses.}

01. ස්වභාවික හෝ සාමාන්‍ය ක්‍රියාවක් ගෙනහැර දැක්වීමට (සරල වර්තමානකාල ක්‍රියා භාවිතා කරනු ලැබේ).

{To express some action which is natural or usual.}

Cows give milk - දෙනුන් කිරි ලබාදෙනවා.
Sun rises - ඉර පායනවා.
I school everyday - මම හැමදාම ඉගෙනගන්නවා.

02. එකවරම යම් ක්‍රියාවක් ප්‍රකාශ කිරීමට …

{To express an immediate action.}

Do you like chocolate? I do- ඔයා චොක්ලට් වලට කැමතිද? අනිවාර්යෙන්ම (කැමතියි) / නිසැකවම / ආයේ මොනවා අහනවද ...

Does she drive cars? She does- ඇය/එයා මෝටර් රථ (කාර්) එලවනවද? අනිවාර්යෙන්ම (එලවනවා) / නිසැකවම / ආයේ මොනවා අහනවද ...

(එලවනවා = පදවනවා ☺)
 
03. යම් පොදු සත්‍යතාවයක් ප්‍රකාශ කිරීමට …

{To express some general truth.}

Everyone ages - හැමෝම වයසට යනවා.
Everyone sickens - හැමෝම ලෙඩ වෙනවා.
Everyone dies - හැමෝම මැරෙනවා.

04. විශද හෝ ප්‍රබල, අතීත ක්‍රියාවක් ලබා දීමට‍ … (මෙය යම් යම් කථා වස්තුන් ගෙනහැර දැක්වීමේදී බහුලව දක්නට ලැබෙනඅතර එයට ඓතිහාසික වර්තමානය කියා කියනු ලැබේ).

{To make a past action vivid or emphatic.

(Frequent in narrative, and called Historic Present.)}

Lord Buddha now stars His mission - දැන් තථාගතයන් වහන්සේ, උන්වහන්සේගේ ධර්මප්‍රචාරය ආරම්භ කරන සේක.

Most Venerable Arhat Sariputta now enunciates His retrospection - මෙවිට සාරිපුත්ත මහා රහතන්වහන්සේ සිංහාවලෝකනය (ප්‍රකාශ)කරන සේක.

Monarch Asoka now builds Dagobas all over India - මෙසේ අශෝක අධිරාජ්‍යයා, මුළුමහත් දඹදිව පුරා ම වෙහෙර විහාර ගොඩනඟනවා.

05. අනාගත ක්‍රියාවක් ප්‍රකාශ කිරීමට...

{To express a future action.}

I go abroad next week - මං ලබන සතියේ (පිට)රට යනවා.

She comes to meet me coming September- ඒකී/ඇය/එයා මේ එන සැත්තැම්බර් වල මාව හම්බෙන්න එනවා.

I quit smoking today - මම අද සිකරට් බොන එක නවත්තනවා.

Homework- ගෙදරවැඩ.

අනු මාතෘකා පහටම අදාළ, භාවිත නිදසුන් සොයන්න.

{Find some illustrations of use, referred to all the five subtitles.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll