ශේෂ ක්‍රියා - 59

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Shesha Kriya - ශේෂ ක්‍රියා - Incomplete Verbs. 


සමහරක් ක්‍රියා පද, ඒවායේ සම්පූර්ණ අරුත ගෙන දීමට නම්, එම අදාළ ක්‍රියා පදයට පසුව වෙනත් පද/වචන යෙදීම අවශ්‍යය ය. එවැනි ක්‍රියා පද ශේෂ ක්‍රියා පද ලෙස හැඳින්වේ. අප දැනටමත් දන්නා, එවැනි ශේෂ ක්‍රියා පද නම්,

Be (am / is / are / ...) - යි, වේ, ඉන්නවා ...
Become - වෙනවා ...
Seem - වගෙයි ...
Look - වගෙයි ...
Appear - වගේ පේනවා ...
Turn - ‘හැරෙනවා’, පත්වෙනවා ...
Grow - ‘යනවා’, ‘වෙනවා’ ... ආදියයි.

සැලකිය යුතුයි: ඉහත ක්‍රියා පද තේරුම් ‘සිංහල ආර’ ගනිමින්, වර්තමාන කාලයෙන් යොදා ඇති අතර අතීත හා අතීත කෘදන්තස්වරූපයන් සදහා අවස්ථානුකූල ලෙස යෙදෙන බව ද  පහත උදාහරණ තුළින් වටහා ගන්න.

{Some verbs require other words to follow them, before they give full meaning. They are called Incomplete Verbs. Such are the verbs Be, become, seem, look, appear, turn, grow …}

උදාහරණ - Examples.

I am rather tired - මට (නො)සෑහෙන්ඩ මහන්සි යි.

We were all over sixteen then – එවකට/ඒ කාලේ/එතකොටඅපි ඔක්කෝටම 16ට වැඩි යි.

The weather has become much cooler - කාලගුණය/දේශගුණය තිබ්බට වැඩිය ගොඩාක් සීතල වෙලා.

He seems/looks very kind - ඔහු (නං) ගොඩාක් කරුණාවන්ත කෙනෙක් වගෙයි.
It appears to be true - ඒක (නං) ඇත්ත වගේ පේනවා.

Our neighbours have turned quite unfriendly - අපේ අසල්වැසියෝ මාර විදිහටනි (එක පාරටම) හතුරෝ වගේ උණේ/වෙලා තියෙන්නේ. (වෙනස් උණේ = හැරුණේ ...).

How tall you have grown! - ඔයා පුදුම විදිහටනි උස ගිහින්/ගිහිල්ලා තියෙන්නේ!

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll